
දින 13ක් පුරා මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පවතින නිරෝධායන ඇඳිරි නීතිය නිසා එම පොලිස් වසම තුනේ පදිංචිකරුවන් දැඩි ආහාර හිඟයකට මුහුණපා සිටින බව ඔවුහු පවසති. මෙම පොලිස් බල ප්‍රදේශ 03හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති අනෙක් පොලිස් වසම්වල පදිංචිකරුවන් ඊට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය ආහාර සුළු ප්‍රමාණයෙන් හෝ එක්රැස් කර ගත්ත ද මෙම පොලිස් බල ප්‍රදේශ තුනෙහි පදිංචිකරුවන්ට එසේ කිරිමට කාල වේලාවක් නොතිබූ බවත් ඊට මුදල්
පසුගිය දින 03ක කාලයක් වෙළෙඳසල් විවෘතව තැබීමට රජය අවසර ලබා දී තිබුණ ද නගරයේ පිහිටි බැංකුවකට යාමට ආරක්ෂක අංශ ඊට ඉඩ ලබා නොදීමත් නගර සහ ග්‍රාමීය වශයෙන් ඇති බැංකු විවෘත නොකිරීමෙන් බැංකුවේ මුදල් ඇති අයෙකුට මුදල් ලබා ගැනීමට හෝ රන් භාණ්ඩයක් උකසට තබා ගැනීමට නොහැකි වීමත් නිසා ඔවුන් අසරණවී සිටින බව පවසයි. දෛනික රැකියා කරන්නන් ද ආහාර නොමැතිව අසරණ වී සිටින හෙයින් ඔවුනට වියළි ආහාර මල්ලක් ලබාදීමට ඔබට ඔබ ආයතනයට හෝ සමිති සංවිධානවලට හැකියාවක් ඇත්නම් එය කළ හැකි බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය පවසයි.
සකසන ලදු වියළි ආහාර මලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්නේ නම් ග්‍රාම නිලධාරි සහ සංවර්ධන නිලධාරින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත නිලධාරින් යොදවා අපහසුතාවයන්ට පත්ව සිටින පවුල් වෙත එම වියළි ආහාර පාසල් බෙදා දිය හැකි බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ල්කම් ලක්මිණි කුලතිලක මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
-ටෝනි කරුණානායක-
Comments
Post a Comment
Your comment will be visible after approval