රට පුරා කොවිඩ්-19 මඬින මෙහෙයුමේ විශාල මෙහෙවරක නිරතව සිටින පොලිස් සේවයේ නිලධාරීන් 34කට ද වෛරසය ආසාදනය වී තිබේ.


මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් වන පොලිස් නිලධාරීන් 2100ක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ තත්ත්වය මත කොවිඩ් මෙහෙයුම මෙන්ම රට තුළ අඛණ්ඩව සිදුවන ආරක්ෂක කටයුතු සඳහා ද පොලිස් නිලධාරීන් හිඟයක් මතුවීමේ අවදානමක් පැනනැගී තිබේ.

මේ වනවිට පොලිස් සේවයේ සිටිය යුතු නිලධාරීන් ගණන 84000ක් වුවද සක්‍රිය සේවයේ ඇත්තේ නිලධාරීන් 70000කට ආසන්න සංඛ්‍යාවකි.

ඉන් 30%ක්ම මැති ඇමති, තානාපති, විනිසුරු ආදී ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටී.