මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි බැටික්ලෝ කැම්පස් ආයතනය ඊයේ (28) සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කළ බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවැසීය. ඒ අනුව රෝගීන් 1200 කට ප්‍රතිකාර
පොළොන්නරුව මහ රෝහල මගින් එහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම කොවිඩ් 19 නව විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා සේවයේ යොදවා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල මගින් බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.
මෙම නව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ සහ රෝගීන් ඇතුළත් කිරීමේ අවස්ථාවට පොළොන්නරු දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක, විශේෂ ශ්‍රේණියේ පරිපාලන හෙද නිලධාරී හමන්ගොඩ ජයසිංහ, පරිපාලන නිලධාරි සුමිත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Comments
Post a Comment
Your comment will be visible after approval