
ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 335 විසිරුණ ප්‍රදේශ මේ වනවිට හෙළි කර තිබේ.
වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වූ 237 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ඒ අය මෙසේය.
කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙක්,
මහර ප්‍රදේශයෙන් 22ක්,
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයෙන් 02ක්, තිස්සමහරාමයෙන් එක් ආසාදිතයෙක් වාර්තාවී තිබෙයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සහ මහව ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකුද සිටී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04ක් තලවකැලේ 02ක්, මස්කෙළිය ප්‍රදේශයෙන් සහ කොටගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් බැගින් ලෙස වාර්තාවී ඇත.
මිට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval