අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි නිවෙසට ඇතුළු වූ ආකාරය සොයා බැලීම සඳහා ඔහු සැඟව සිටි නිවෙස්වල සීසීටිවී දර්ශන පරීක්ෂාව ආරම්භ කර තිබේ.
ඔහු පසුගිය අඟහරුවාදා,
බ්‍රහස්පතින්දා පස්වරුවේ ඔහු දෙහිවල මහ නගර සභාව අසල පිහිටි මරික්කාර් නමැත්තකුට අයත් මහල් නිවාසයට ගොස් සැඟවී සිටියදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයාට සැඟව සිටීමට සහය දුන් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරිය ද අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයා සොයාගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු සහ පසුගිය දිනවල මන්ත්‍රීවරයා විසින් මාරු කරන ලද වෙනත් අයකුගේ නමට මිලදී ගත් සිම් පතක් සහිත අලුත් දුරකථනයේ සංඥා ඔස්සේය.

Comments
Post a Comment
Your comment will be visible after approval