ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් Covid-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙයි.

සෞඛ්‍ය

අමාත්‍යාංශය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සහ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු බවයි.

මිය ගිය එක පුද්ගලයකුගේ වයස අවුරුදු 75ක් වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 19ක තරුණයෙකි.

ඒ අනුව මේ වන විට Covid-19 හේතුවෙන් මෙරට මියගිය ගණන 19කි.

අද දිනයේ කොරෝනා මරණ 3 ක් වාර්තාවීම විශේෂත්වයකි.