මහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු (26) දා වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

මොවුන් නාගහවත්ත ,පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත ,නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙනිය සහ ජයගත් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පැවසේ

එසේම මෙම ආසාදිතයින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ

සංකීර්ණයෙ හා වරායේ ආසාදිතයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

මෙම පුද්ගලයන් හඳුනාගැනීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත් දෙසීයකට ආසන්න පිරිසක් නිවෙස් 25 ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවද පැවසේ .

මහරගම බල පුදේශය 160 කට ආසන්න පිරිසක් පසුගියදා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කොට ස්වයං නිරෝධායනයට ලක් කර තිබියදී මෙම ආසාදිතයින් හඳුනා ගැනීමට හැකිවූ බව බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි .

එසේම ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබූ ඇතැම් පිරිස් එම උපදෙස් නොතකමින් තැන තැන ඇවිදිමින් සංචරණය කල බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව පොලිසියේ පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.