කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරියේදී ආයුර්වේද රෝහල්ද භාවිතා කරීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව මූලික වශයෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට මෙසේ කොරෝනා රෝගීන්ඇ තුළත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරමින් ඇති බවද වාර්තාවේ.


පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ පමණින් කොරෝනා ආසාදිතයින් රජයේ ප්‍රධාන රෝහල් වලට ඇතුලත් නොකර මෙසේ ආයුර්වේද රෝහල්වලට ඇතුලත් කිරීම කෙරෙහිද රජය අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා  පැවසීය.

ඒ අනුව එහිදී යම්කිසි අසාධ්‍ය තත්වයක් උද්ගත වුවහොත් පමණක් එම රෝගීන් රජයේ ප්‍රධාන රෝහල් කරා රැගෙන යාමටත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව ඔහු පැවසීය.

රාජගිරිය ආයුර්වේද රෝහල ඒ සඳහා සූදානම් වුණු විගස එම ස්ථානයට ආසාදිත පුද්ගලයින්, යොමු කිරීමට සූදානම් කිරීම අපේක්ෂා කරන බවද ඔහු පැවසීය

පළවෙනි අදියරේදී රාජගිරිය ආයුර්වේද රෝහල මේ සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති අතර එහි අත්දැකීම් අනුව ඉදිරියේදී අනෙකුත් ආයුර්වේද රෝහලද ඒ සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇත.