රාජ්‍ය ආයතනවල මහජන දිනය ලෙස මෙතෙක් තිබූ බදාදා දිනය වෙනස් කරමින් මහජනතාවට වඩාත් පහසු ලෙස “සඳුදා” දිනය ඊට යොදා ගැනීමට සැප්තැම්බර් 09 දින රැස් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.



ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා සඳුදා දිනයේ දී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළා.