මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරින් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතුවෙන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කනගාටුදායක තත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළග තබාගෙන සිටියදී
මීට වසර 08 කට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල ප්‍රදේශයේදී ඇල්ලු කුඩු ජාවාරම්කරුවකු නිදහස කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (13) පැවසීය. පැමිණිල්ලේ සාක්කි පරස්පරවීම හා වැටලීම කළ නිලධාරීන්ගේ සටහන් වල ඇති දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කොට ඔහු නිදහස් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කළේය.

චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම්. ධනසිරි නමැත්තෙකි.  2012 සැප්තැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පුරහල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 198.19 ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටත්තේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා පවරන ලදී. මේ සම්බන්ධයෙන් පැවැති දි නඩු විභාගයේදී අදාළ දින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කොළඹ  පුරහල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මම විත්තිකරු හෙරොයින් තොගයක්ද සමග අල්ලා ගත් බව හෙළි විය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුගේ හරස් ප්‍රශ්න වලදී වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ගේ සාක්‍ෂි පරස්පර බව මෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් ඔවුන් විසින් තබන ලද සටහන් වල දුර්වලතාවයන් ඇති බවද හෙළි විය. මෙවැනි විශාල හෙරොයින් තොගයක් පොලිස් නිලධාරින් විසින් විත්තිකරුට දුන් බව සිතීමට හැකියාවක් නොමැති වුවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීන්දු කළ  විනිසුරුවරයා සියලු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.