දින34 කට පමණ පෙර අතුරුදන්ව සිටි බව කියන ඉබ්බාගමුව පල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංව සිටි කාන්තාවක පොල්ගහවෙල ප්‍රදේශයේදී පොරවකින් කපා කොටා ඝාතනය කර මළ සිරුරේ කොටස් පොහොර උරයක දමා මෝටර් රථයකින් අලව්ව ප‍්‍රදේශයට ගෙනවිත් පුළුස්සා, ඉතිරී වූ සිරුරු කොටස් මා ඔයට දමා
තිබියදී පෙරේදා (26) සොයාගත් බව කුරුණෑගල පොලිසිය වාර්තා කර තිබේ.
මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කුරුණෑගල මිලේනියම් සිටි අංක 73 නිවසේ තාවකාලිකව පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ දීපිකා විජේකෝන් නමැති 47 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයාගේ බිරිඳ කුරුණෑගල මූලස්ථාන
පොලිසියට අගෝස්තු මස22 වැනිදා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල, පොල්ගහවෙල සහ අලව්ව පොලිසි ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඝාතනය සම්බන්ධ සියලු තොරතුරු හෙළිවූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධියට සැකකෙරෙන පුද්ගලයා පසුගිය අගෝස්තු මස 18 වැනිදා මෙම කාන්තාව පොල්ගහවෙල ගොඩවෙල තම නිවසට කැඳවාගෙන විත් එහිදී ඇතිවූ බහින්බස් වීමකදී මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය කළ පරික්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු තම පියා සහ ඥාති සහෝදරයකු සමග සම්බන්ධවී මළ සිරුර පොහොර උරයක දමා මෝටර් රථයකින් අලව කපුවරලට ගෙනගොස් කැබැලිවලට කපා සිය මහ ගෙදර පිටුපසදී පුළුස්සා එහි ඉතිරිවූ අස්ථි සහ අළු කොටස් මෙසේ මා ඔයට දමා ඇති බව පොලිසිය කළ පරික්ෂණවලදී
හෙළිවී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙම කාන්තාව ඇසුරු කළ බව කියන ප්‍රධාන සැකකාර පුද්ගලයා පසුගිය 25 වැනිදා අන්දඅඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කළ බව
පොලිසිය කීය. අගෝස්තු මස 18 වැනිදා සිට දීපිකා විජේකෝන් නමැති තැනැත්තිය පිළිබඳ  තොරතුරු
නොලැබීමෙන් පසුව ඇයගේ සහෝදරයාගේ බිරිඳ විසින් පසුගිය අගෝස්තු විසි දෙවැනි දා (22) කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.

මියගිය තැනැත්තියගේ දුරකථන අංක හා සැසඳීමෙන් කරනු ලැබූ පරික්ෂණයෙන් පසුව සිද්ධියට අදාළ සැක කටයුතු පුද්ගලයකු පොල්ගහවෙල,
ගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදුකර ඇත.

ඒ අනුව විමර්ශනවලදී තහවුරු වී ඇ ත්තේ , අදාළ කාන්තාව පොල්ගහවෙල පදිංචි සැකකාර පුද්ගලයා සමග වසර දෙකක පමණ කාලයක් ඇසුරු කර ඇති බවත්, ඔහු පසුගිය අගෝස්තු 18 වැනිදා පොල්ගහවෙල එම නිවසේ දී පොරවකින් කොටා එම අනියම් බිරිඳ ඝාතනය කර පසුව, ඔහුගේ පියා සමග මළ සිරුරෙහි කොටස් බෑගයක දමාගෙන මෝටර් රථයකින් අලව ප්‍රදේශයේ නිවසක පිටුපසට දමා ගිනි තබා ඇති බවත්
විමර්ශනවල දී තහවුරු කරගෙන ඇති අතර පුළුස්සා ඉතුරු වූ සිරුරු කොටස් මා ඔයට දමා ඇතැයි පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළිවී තිබේ. මෙම මෙම සැකකරු වසර ගණනාවක්
කොරියාවේ සේවය කළ අයකු බවත්, ඔහු මෙරටට පැමිණ මුදල් පොලියට දෙමින් කටයුතු කළ බවට තහවුරු කර ගත් බවත්
පොලිසිය පැවසිය.

ප්‍රධාන සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව පොලීසිය විමර්ශනය කළ අතර කිමිදුම් අංශයේ නිලධාරිවරයකු වන පොලිස් පරික්ෂක යසන්ත බණ්ඩාර මහතා මා ඔයේ කිමිදෙමින් අදාළ සිරුරු කොටස් සොයාගත් බව පොලිසිය කීය. අසාතනයට ලක් වූ කාන්තාව ද පිටරටක
සේය කර මෙහි පැමිණ පසුගිය මැයි මාසයේ සිට කුරුණෑගල මිලේනියම් සිටිහි ඥාති සොහොයුරකුගේ නිවසෙහි තනිවම වාසය කර ඇති බවට පොලිසිය කළ විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී ඇත.

 මෙසේ ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ
සහෝදරය නිරන්තරයෙන්ම මරණකාරිය පිළිබඳව සොයා බලමින් සිටියදී අගෝස්තු මස 18 වනදා සිට ඇය පිළිබඳව තොරතුරක් නොමැති හෙයින් සහෝදරයාගේ බිරිය කුරුණෑගල පොලිසියට පැමිණිල්ල යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධව සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු සමග අදාළ මෝටර් රථය ඇතුළු සියල්ල පොලිස් භාරයට ගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර, අදාළ කාත්තාව කුරුණෑගල ප්‍රදේශයේදී
අතුරුදන්වීම නිසා කුරුණෑගල පොලිසිය මගින් විමර්ශන කටයුතු සිදුකරන අතර, සිද්ධිය පොල්ගහවෙල පොලිස් බලප්‍රදේශයේ දී සිදුවී ඇති නිසා පොල්ගහවෙලදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ බව පොලීසිය සඳහන් කරයි.

පොල්ගහවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ටී.එම්.ජේ. තෙන්නකෝන් මහතා ස්ථානීය පරික්ෂණය සිදුකළ අතර කුරුණෑගල,
පොල්ගහවෙල, අලව්ව යන පොලිසි ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.
(පුෂ්පකුමාර ජයරන්න, කුරුණෑගල - චාන්දනී දිසානායක සහ
පොල්ගහවෙල - ජනුර් කිච්ලාන්)