අවුරුදු 14 ක පාසල් දැරියක නිවසේ මිදුල අතු ගාමින් සිටියදී වැසිකිළි වළකට වැටි මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මාවනැල්ල ගනේතැත්න උදය මාවතේ පදිංචි වී සිටි
අවුරුදු 14 ක් වයසැති ගනේතැන්න මහා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන ෂෙනුරි ජයසූරිය නමැති ශිෂ්‍යාවකි.

ඇය මිදුල අතුගාමින් සිටියදී වැසිකිළි වළේ කොන්ක්‍රීට් තට්ටුව කැඩී ඇය වළකට වැටී ඇති අතර අසල්වාසීන් විසින් ගොඩ ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත. පසුව මියගිය දරුවාගේ පියා පැමිණ ඇය ගොඩගෙන රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. මාවනැල්ල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


- පී ශාන්ත බණ්ඩාර -