පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහගේ නවතම පරිවර්තන කෘතිය - 'ජීවිතය යළි ලදිමි’ මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වේ.

දෙවන ලෝක යුද සමයේ
පස් මසැති බිළිදෙකු සමඟ නට්සින්ගේ මර්දනයට මුහුණ දෙන මවකගේ කතාව මින් දිගහැරේ. - 74 වැනි යුදෙව් සංහාර සමරුවේදී (2013) වැඩියෙන්ම අලෙවි වූයේ මීට පාදක වූ Rescued From The Ashes' නැමැති මුල් කෘතියයි.
රෝහණ මින් පෙර පරිවර්තනය කරන ලද 'ගිනිගත් සඳ' මෙවර ගොඩගේ සම්මාන අවසන් වටයට නිර්දේශිත පරිවර්තිත කෘති අතර වේ. ඔහුගේ මුල් පරිවර්තනය 'ඒරන්ගේ ලෝකය’ 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් පූර්ව වටයට තේරිණි.
මේ සමග පළවන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ සමග සිදු කළ කථාබහකි.