ද සැප්තැම්බර් 12 අගමැති මහින්ද රාජපක්ෂ පුත් අමාත්‍ය නාමල් පිය පදවියට පත්වූයේය. නාමල් ලිමිනි යුවළට බලාපොරොත්තුවෙන් සිටි පරිදි පුතෙකු ලැබිණි.
අලුත උපන් බිළිඳා දැකබලාගැනීමට රාජපක්ෂ පවුලේ සියලුදෙනා කොළඹ පුද්ගලික රෝහලකට රැස්ව සිටි බව වාර්තා විය. ඡායාරූපයේ දැක්වෙන්නේ අගමැති මහින්ද බිළිඳා වඩාගෙන සතුට සැමරූ අයුරුය.
නාමල් ලිමිනි දෙන්නා විවාහ වූයේද මීට හරියටම වසරකට පෙර අද වැනි සැප්.12 වෙනිදාකය.

සිය විවාහ සංවත්සර දිනයේම පුතෙකු තිලිණවීම ගැන නාමල් සිය සතුට පළකරමින් ෆෙස් බුක් සටහනක්ද පළ කර තිබුණි.