රියැදුරු බලපත්‍ර සඳහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත කර රියැදුරු විසින් සිදුකරනු ලබන වැරදිවලට අනුව අදාළ ලකුණු ක්‍රමයෙන් අඩු වී යන ක්‍රමවේදයක් එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට වාහන නියාමනය,
බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

මෙම ලකුණු ලබාදීමේ ක්‍රමවේදය, එළඹෙන වසරේ සිට හඳුන්වා දීමට නියමිත වාණිජ සහ සාමාන්‍ය ලෙස කොටස් 02කින් යුත් රියැදුරු බලපත්‍ර ක්‍රමයට අන්තර්ගත කිරීමට නියමිතය. ඒ අනුව රියැදුරු බලපත්‍රයට ලබාදෙනු ලබන ලකුණු ප්‍රමාණය 'බිංදුව' දක්වා අඩු වූ පසු එම රියැදුරු බලපත්‍රය අහෝසි වී යන අතර, එවිට අදාළ පුද්ගලයාට නැවත රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේය.


- නිදර්ශනී වික්‍රමසිංහ -