මෑතකදී විවාහ වූ යුවළක් වෙනුවෙන් තෙලිකඩ, හොරගම්පිට, දීපගොඩ ප්‍රදේශයේ පොල්වත්තක නිවසක පැවති මිතුරු සාදයකට සහභාගි වූ නවදෙනකු රුපියල් 352000ක් පමණ වටිනා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය
තොගයක් සමග සැකපිට පෙර්දා (26) අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පවසයි. රුපියල් 180000ක් වටිනා මුද්දර මත්ද්‍රව්‍ය 45ක්, රුපියල් 72000ක් වටිනා මත්පෙති 18ක්, රුපියල් 20000ක් වටිනා කේරළ ගංජා ග්‍රෑම් 05ක්, රුපියල් 40000ක් වටිනා හෑෂ් ග්‍රෑම් 07ක්, රුපියල් 40000 වටිනා එම්.ඩී. එම්. ග්‍රෑම් 02ක් සමග මෙම සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සාදය සදහා පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු සහභාගිවී සිටි බව පොලිසිය පවසයි. මෑතකදී විවාහ වූ යුවළක් වෙනුවෙන් සාදය සංවිධානය කොට තිබූ බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත. මොවුන් නුවර, කොළඹ, කෑගල්ල,  කුරුණෑගල, මැදිරිගිරිය ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 35ත් අතර වියේ පසුවන අය බවද  අත්අඩංගුව පොලිසිය පවසයි.  නිලධාරින් සාදය පැවති ඉඩමේ අයිතිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි. සැකකරුවන් 09 දෙනා ඊයේ බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.