කොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය 100% ක සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය
කරන්නේ ආණ්ඩුව කොවිඩ් 19 වසංගතය පාලනය කර තිබුණ ද ජනතාවට කිසිදු අවධානමක් ගැනීමට ඉඩ දිය නොහැකි බවයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (15) පැවති දිස්ත්‍රික් කමිටු සංවර්ධන රැස්වීමෙන් අනතුරැව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ඇමතිවරයා මේ බව සදහන් කළේය.

කෙසේ වෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීම සදහා සියල්ල සුදානම් බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ ඊට අත්‍යවශ්‍යය බවත් ඇමතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය.

අපිට රට තුළ සිටින ජනතාව අනතුරේ දාන්න බෑ. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොගෙන්වා ඉන්නත් බෑ. අපි මේ සියල්ල මනා පාලනයකින් යුතුවයි කරගෙන යන්නේ. කිසිම හේතුවක් නිසා කොවිඩ් 19 වසංගතයට රටට ඇතුළුවීමට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපිට මේ සියල්ල දැඩි ලෙස පාලනය කරන්න සිදු ව තිබෙනවා යැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.

කැබිනට් මණ්ඩලයට අපි ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබද නිර්දේශ ඉදිරිපත් කළා. මත්තලත්, කටුනායකත් ඒ අනුව විවෘත කරන්න අපි ලෑස්තියි. ඒ නිර්දේශ සදහා සෞඛ්‍ය අංශ අනුමැතිය අපි බලාපොරොත්තු වෙනවා යැයි ද ඇමතිවරයා කීවේය.