පාන ජාත්‍යත්තර සහයෝගිතා ආයතනයේ (JICA) ආධාර යටතේ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ,
මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා
විසින් ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගනිමින් බව සඳහන් වේ.  ඒ අනුව කුලුණු මත ඉදිකෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර පසුගිය රජය විසින් ගෙන ඇති බවත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත් එසේම කුලුනු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවට පෙනීගොස්  ඇති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබේ.

මීට අමතරව තම පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයට පැමිණෙන්නන් ආකර්ෂණය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මගින් අවශ්‍ය පහසුකම් සලසාදීමට හැකියාවක් නොමැති බවට නිරීක්‍ෂණය වී ඇති බවටද හෙතෙම කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනීගොස් ඇති බවයි.

-නිදර්ශි වික්‍රමසිංහ-