ගව ඝාතනය තහනම් කරමින් ශ්‍රී ලංකා රජය අද යෝජනාවක් සම්මත කළ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුවත් එවැනි තහනමක් රජය තවම පනවා නැති අතර ක්‍රියාත්මක මට්ටමේ කිසිවක් සිදු නොවේ.
සිදුව ඇත්තේ ගව ඝාතනය සීමා කිරීමට
නීති සම්පාදනය කළ යුතු බවට ඊයේ (07) සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම් දීමය.
මේ පිළිබඳ නීති සැකසීම ඉදිරියේ සිදුවනු ඇති බවට අදහස් පළව තිබේ.
එය බොහෝ කලකට පෙර ඉදිරිපත් කළ යෝජනාවක් වන බව අග්‍රාමාත්‍යවරයා දන්වා ඇති අතර මේ දක්වා එය නීතියක් බවට පත් කළ නොහැකි වූ බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස අගමැතිවරයා ඉල්ලා ඇත.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට පැමිණ සිටි කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි. කෙසේ වෙතත්, මස් අනුභව කරන්නන්ට පිළියමක් ලෙස හරක් මස් ආනයනය තහනම් නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පවසා ඇත.
“මේක ජාතික වීරයෙකු වන අනගාරික ධර්මපාලතුමාගේ කාලයේ සිට පවතින යෝජනාවක්. ඒත් ගව ඝාතනයට එරෙහිව නීති සම්පාදනය කිරීමට කිසිදු රජයකට නොහැකි උනා.“ යයි ඇමතිවරයා මාධ්‍ය වෙත දැන්වීය.
අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරවයි” යැයිද ඒ මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව සම්මත කළ බවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත දන්වා ඇත.