
දෙනකුට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසම් සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවසන් වරට ඊයේ (7) නොතීසි නිකුත් කළේය. එදින මෙම කොමිසම හමුවේ පෙනී නොසිටින වගඋත්තරකරුවන්ට එරෙහිව කොමිසමට හිමිවී තිබෙන බලතල අනුව නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.
මෙම පැමිණිල්ල ඊයේ යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවකු වන අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ පෙනී සිටි අතර, අනෙක් වගඋත්තරකරුවෝ නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමට නොපැමිණීමට හේතු දක්වා සිටියහ. ඒ කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා, වගඋත්තරකරුවන් දිගින් දිගටම කොමිසම මගහැර සිටින බව සඳහන් කරමින් ඔවුන්ට ලබන 19 වැනි දින පෙනී සිටීමට නොතීසි නිකුත් කළේය.
-දසුන් රාජපක්ෂ-