සර 16 කට ‍පෙර 2004 සුනාමියට අතුරුදන් වූ එවකට අවුරුදු 5ක් වූදරුවකු අවුරුදු 16කට පසු සොයා ගැනීමට දරුවාගේ මව සමත්වූ පුවතක් මාලිහයිකාඩු ප්‍රදේශයෙන් වාර්තා විය. අවුරුදු 5ක වයසේදී අතුරුදන්වූ අක්‍රම් රිස්වාන්
මේවනවිට 21 වැනි වියේ පසුවන අතර මාලිහයිකාඩුහි පදිංවි අබුසාලි සිත්ති නමැති තම මව සොයා පැමිණ
තිබුණි.  මාලිහයිකාඩු නැගෙනහිර පදිංචිව සිටි ඇයගේ එකම පුතණුවන් වන අක්‍රම්  සුනාමි රළ පහරින් අතුරුදන්ව වසර 16 කට පසුව යළි හමුවීම සම්බන්ධයෙන් ඇය මෙසේ සිය අදහස් පළ කළාය.
"රෝහල් සේවිකාවක වන මා සුනාමී පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදා
රාජකාරියට වාර්තා කළා. සුනාමියෙන් පසුව මාගේ වසර පුතා අතුරුදන්ව සිට අද මා ළගටම ගන්නට හැකිවීමෙන් ඉමහත් සතුටට පත්වනවා. බොහෝ අය කිව්වේ මගේ පුතා ජීවතුන් අතර නොමැති බවයි. එහෙත් මා වසර 16ක් මාගේ උත්සාහය අත් නොහරිමිත් ඔහු සෙව්වා. සුනාමි රළපහරට හසුවී දවස් තුනකට පසු මාගේ සොයුරියගේ
සැමියාට  (විශ්‍රාමලත් ප්‍රාදේශීය ලේකම්) පුද්ගලයෙකු පැමිණ පුතා රෝහල් සිටි බවට පවසා තිබුණත් අප එම ස්ථානයට ගොස් බැලූ විට මගේ පුතා කවුරුන් හෝ අරන් ගොස් තිබුණා. කවුරුන් හරී හමුවුණාම මං පසුගිය කාලෙ පුරාම පුතාගේ ඡායාරූපය පෙත්වා විස්තර අහනවා. මගේ පුතා කොහේ හරී සිටින බවට තොරතුරක් ලැබුණු විගස එහි ගොස් සෙවීමට පුරුද්දක් තිබුණා. මගේ පුතා සොයන සටනට ඥාතීන් ඇතුළු බොහෝ පිරිස් විවිධ උදවි උපකාර කළා. එහෙත් ශ්‍රී ලංකා මානව හිම්කම් කාර්යාලය මට කිසිම උපකාරයක් කළේ නැහැ. පොලීසියත් මට ගැඹුරු හඬින් තර්ජනය කළා. උසස් නිලධාරියකු මාව හිරේ දමන බවට තර්ජනය කළා. මා ඔහුට මගේ වේදනාව කීවා. කොළඹ මානව හිම්කම් කාර්යාලයට පැමිණිලි කළත් ප්‍රතිඵලයක් ලබු නෑ. බොහෝ ජනමාධ්‍යවලට කතා කලා,

පසුගිය 2016 වසරේ මගේ පුතා සිංහල පවුලකට සම්බන්ධවී සිංහල පාසලක ඉගෙනුම ලබන බවට මගේ මිතුරියක දන්වා සිටියා. ඇයගේ උපකාරයෙන් පුතාව පාසලට ගොස් දැකීමට උත්සාහ කළා. එම විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලය දරුවා බැලිමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළා. බොහෝ දවසක් මගේ රැකියාවද අතහැර දරුවා දැකගැනීමටතින් වේදනාවත් පාරක් පාරක් ගා ඇවිද්දා. අලෙවි නියෝජිතයකු ලෙසත් රැකියා ප්‍රවර්ධන නිලධාරිනියක ලෙසත්, හිඟන්නෙකු ලෙසත් වෙස්වලාගෙන ඇවිල්ල පුතා සෙව්වා. මට විශ්වාසයක් තිබුණා දිනක මාගේ පුතා මා ළගට එන බව.

මේ වෙනුවන් බොහෝ අවමාන කරදරවලට මුහුණ දුන්නා. මගේ සැමියා වෙනත් විවාහයක් කර ගත්තා. මං තනියම මගේ දරුවා සොයන කටයුත්ත කළා. ජනාධිපතිතුමාගේ සිට පුළුවන් හැම ආයතනයකටම  නිලධාරියකුට කිවිවා. කිසි කෙනකු ඇහුම්කන් දුන් නෑ. එක් ආයතනයක් මගින් මගේ දරුවා පදිංචි ස්ථානය දැනගත්තා. මම එහි වෙනත් අයකු විදිහට රගපා මගේ පුතාව මුණ ගැහුණා. රැකියා ලබාදෙන අයකු ලෙස පුතාගේ තොරතුරු ලබාගත්තා. පුතත් මාත් හඳුනා ගත්තා. පසුව දුරකථනයෙන් අප කතාකළා.

මා දන්නා ඔහුගේ සිරුරේ ලප හා වෙනත් ලක්ෂණ ගැන විවෘතව කතාකර ඔහු මගේ පුතා බවට තහවුරු කරගත්තා. දැන් පුතා කොළඹ රැකියාවට යන බවට පවසා මා සොයාගෙන ඇවිත්.  මා ඔහුට ඉස්ලාමීය සංස්කෘති සම්ප්‍රදායන් සිදුකිරීමට රැගෙන යාමට සූදානමින් සිටිනවා. මගේ පුතාව  හදාවඩාගත් එම මවට අනාගතයේ කළ හැකි උපරිම උපකාරය කිරීමට බලාපොරොත්තු වනවා. පුතාට තවම දෙමළ කතා කිරීමට නොහැකිය. එහෙත් සිංහල භාෂාවන් මා කියූ දේවල් විශ්වාස කර මාළඟට පැමිණීම ගැන සතුටුවනවා.” යැයි  පවසා සිටියාය.

මඩකලපුව - නවුෆර් ඛාන්