‘‘අයියා රේල් ගේට්ටුව අසලදී කාර් එකේ වේගය අඩු කරනවාත් සමග එකවරම ඩෝං, ඩෝං ගාල ශබ්දයක් ඇසුණා. මම ඒ වෙලාවේ හිතුවේ රතිඤ්ඤා පත්තු වෙන හඬක් වෙන්න ඇති කියල. ඒ වෙලාවේ අයිය ඔලූව
කෙළින් කර වෙඩි තැබූ අය දෙස බැලූව. වෙඩි වැදුණට පසු විනාඩි පහක් විතර අයිය හොඳට හිටිය. පස්සේ තමයි අයිය රියැදුරු අසුණේ අනික් පැත්තට වැටුණේ...’’ යැයි පෙරේදා (05 දා) දහවල් අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොක්කා නමැත්තාගේ පෙම්වතිය වන අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි තිලිණි නදීෂා වීරසිංහ පැවසුවාය.


අනුරාධපුර කාර්මික පෙදෙසේ සිය සහෝදරයාගේ නිවසේ තැන්පත් කර තිබෙන ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොක්කාගේ නිසල දේහය අසල හඬා වැටෙමින් ඇය මේ බව කීවාය.

අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඉරෝන් රණසිංහ සමග මෝටර් රථයේ ගමන් ගත් තිලිණි නදීෂා වීරසිංහ නමැත්තිය සිය අත්දැකීම වැඩිදුරටත් මෙසේද විස්තර කළාය.

අයියා (ඉරෝන් රණසිංහ) ජිම් එකට ගිහින් ව්‍යායාම කර කාර් එකෙන් මා සමග ගෙදර යන

ගමන් මේ සිදුවීම වුණේ. වෙනදා වගේ අයිය කාර් එක වේගයෙන් පැදෙව්වා. මම ඒත් අයියට මොකුත් කිව්වෙ නෑ. අයිය රේල් ගේට්ටුව අසලදී කාර් එකේ වේගය අඩු කරනවාත් සමග එකවරම ඩෝං, ඩෝං ගාල ශබ්දයක් ඇසුණා. මම ඒ වෙලාවේ හිතුවේ රතිඤ්ඤා වෙන්න ඇති කියල.

ඒ වෙලාවේ අයිය ඔලූව කෙළින් කර වෙඩි තැබූ අය දෙස බැලූව. වෙඩි වැදුණට පසු විනාඩි පහක් විතර අයිය හොඳට හිටියා. පස්සේ තමයි අයියා රියදුරු අසුණේ අනික් පැත්තට ඇද වැටුණේ. දුම්රිය හරස් මාර්ගයේ කාර් එක නතර කරනවාත් සමග පසුපසින් පැද්දි පැද්දී කැබ් එකකුයි, ස්කූටි මෝටර් සයිකලයකුයි ආවා. මම හිතනවා ඒ දෙකෙන් එකකින් ආ කෙනෙක් තමයි අයියට වෙඩි තියන්න ඇත්තෙ කියලා.

කලින් දවසේ ? අපේ ගෙදර ඇවිත් ආපසු යන කොට අයියා කිව්වා, නංගි අයියට පොඩි සීන් එකක් (මරණීය තර්ජනයක්) තියෙනවා. ඒ හින්ද ඉක්මනින් ගෙදර යන්න ඕන කියල

ගියා. මම ඒ වෙලාවෙ අයියට කිව්ව පොඞ්ඩක් ඉඳලා යන්න කියලා. කවුරුන් හෝ මොනවා හරි කියා තිබූ නිසා අයිය සිද්ධිය වූ දිනට පෙරදින ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ.

1මෑත කාලයේ අයිය කිසිඳු නරක වැඩක් කළේ නෑ. අතේ සල්ලි නැතත් එයා ණයවෙලා හරි හැමෝටම උදව් කළා. කොහෙන්ද ඔය හැටි වියදම් කරන්න සල්ලි කියල අයියා ගෙදර ආවම මම ඇහුවම, මැරිලා යන ටිකටනෙ අපි මේ හැමදේම කරන්නෙ. කොහෙන් හරි ඉල්ලා ගෙන තමයි මේ හැමදේම කරන්නෙ මැණිකේ කියල ඒ වෙලාවට කියනවා.


එයා වැරදි වැඩ නොකර හැමදේම අත්හැර බොරළු වළක් කපාගෙන පාඩුවේ ඉන්න හැදුවෙ. අයියා අනුරාධපුරේ ඉන්න ආසාවක් තිබුණෙ නෑ. උසාවි යන්න තියෙන නිසා අනුරාධපුරේට ආවේ. ඒ වගේම අනුරාධපුරේ ඉන්න බෑ. ජන්දය දාල යං කියලත් අයියා කිව්වා. එයා අවුරුදු දහයකින් ජන්දය දාල තිබ්බෙ නෑ. අවුරුදු දහයකට පසු මේ පාර ජන්දය දැම්මෙ. ජන්දය දාන්න ඕන හින්ද පෙරේදා (05 දා) අනුරාධපුරේ නතර වී හිටියා.

ඉරෝන් රණසිංහ නමැත්තාගේ ඝාතනය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පෙරේදා (05 දා) සවස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා විසින් සිදු කළේය.

ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වූ විනිසුරුවරයා අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී ඉරෝන් රණසිංහ නමැත්තාගේ දේහය පරික්ෂා කළේය.

එහිදී අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙසට එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සේනානායක මහතාට නියෝග කළ විනිසුරුවරයා මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාට නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර  - පර්සි කුරුනේරු