අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම් මාර්ග වලට ගස් කඩා වැටීමේ හා නායයාමේ තත්වයන් මතුවී  පන්නිපිටිය අවිස්සාවේල්ල කළුතර නුවර එළිය ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට ඇති බවට වාර්තා
පළවේ.
අද අගෝස්තු 06 වනදා මිලිමීටර 100 ට වඩා අධික වර්ෂාපතනයක් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල වාර්තාවන බව කාලගුණ දෙපාර්තමේන්තුවන දැනුම් දී ඇත.
 උතුරු, උතුරු-මධ්‍යම, වයඹ සහ බටහිර පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සුළං වේගය කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකි යයිද වාර්තා කර ඇත.