ද දින තෝරාගන්නා ලද ඇමති මණ්ඩලයට පසුගිය කාලයේ ආණ්ඩු බලය දැරූ හිටපු ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනෙකුටම කිසිඳු තනතුරක් ලබාදී නොතිබීම විශේෂත්වයක් විය.
ඒ ලැයිස්තුව පහත පරිදිය.




සුසිල් ප්‍රේමජයන්ත ,
රංජිත් සියඹලාපිටිය,
විජේදාස රාජපක්ෂ,
ජෝන් සෙනෙවිරත්න,
චන්දිම වීරක්කොඩි ,
අනුර ප්‍රියදර්ශන යාපා,
ඩිලාන් පෙරේරා ,
එස් බී දිසානායක,
මහින්ද යාපා අබේවර්ධන
මහින්ද සමරසිංහ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මේ පිරිස අතරින් මහින්ද යාපා අබේවර්ධන  කතානායක තනතුර සඳහා යොජනා වී ඇතැයි  වාර්තා පළවන අතර ඒ නිසා ඇමති ධූර ලබා නොදී ඇතැයි අනුමාන කෙරෙයි.
විජේදාස රාජපක්ෂ මහතාට පවරන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඔහු ප්‍රතික්ෂේප කළ බවටද වාර්තා පළව තිබේ.
එස් බී දිසානායක මහතාට ඇමති ධූරයක් නොලද නමුත් ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකු ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයට නම් කර ඇත.
ඒ අතරම ශ්‍රීලනිප නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වූ ඉහත ඇතැම් මන්ත්‍රීවරුන්ට සන්ධානය තුළ තම පක්ෂ කෝටාව අනුව ලැබෙන ඇමතිධූර සීමාව ඉක්මවා නොලැබෙන නිසා තනතුරු අහිමිව ගොස් ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුව වෙනම ඇමති ධූරයක දිවුරුම් දෙනු ඇතිද නෙඑසේ නම් වෙනත් විශේෂ තනතුරකට පත් කරාවිද යන්න තවම ප්‍රසිද්ධ කර නැත.