අද මහනුවර මගුල් මඩුවේ පැවති අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒක්ව නොසිටි අතර ඔහුට ලැබෙන්නට නියමිතව සිටි රාජ්‍ය ඇමති ධූරයට නොසතුටින් ඒසේ කර ඇති බවට වාර්තා පළව තිබේ.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට  ජීඑල් පීරිස්

අධ්‍යාපන ඇමතිවරයා යටතේ උප විෂයක් ලෙස රාජ්‍ය ඇමති ධූරයක් ලැබෙන්නට නියමිතව තිබුණි.  වාර්තා පළවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇති  බවකි.
ඒ මහතා කැබිනට් ඇමති ධූරයක් අපේක්ෂා කර තිබෙන අතර රාජ්‍ය ඇමති ධූරය බාර ගෙන නොමැති බව වාර්තා විය. අද පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද ඔහු අවසානයේ සහභාගීව නොසිටියේය.ඒ අනුව එම ඇමති ධූරයද කිසිවෙකුට පැවරුනේ නැත.