කල්මුණේ වවලකඩේ පොලිස් බල ප්‍රදේශයේ වලුකයිමඩු පාලම අසල තිබූ මිනිස් හිසක් ඉකුත් 10දා පොලිසිය විසින් සොයාගනු ලැබීය. සමන්තුරේ සොරිකල්මුනේ පදිංචි 65 හැවිරිදි රුක්කු ජෝෂප් යන අයගේ හිස
කොටස මෙසේ සොයාගෙන තිබේ. මොහු පසුගිය අට වෙනිදින ගවයින් බලා ගැනීම සඳහා සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති අතර එහිදී වලුකයිමඩු පාලම අසල කලපුවේ දිය නෑමට ගොස් සිටිය දී මොහු කිඹුලකු සපා කා ඇති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.  ගවයින් රැක බලා ගැනීමට ගිය තැනැත්තා පසුදා වනතුරු නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිසිය හා ප්‍රදේශවාසීන් අතුරුදන් පුද්ගලයා සෙවීමට කටයුතු කර ඇති අතර එහිදී මියගිය අයගේ ඇඳුම් කලපුව අසල තිබි හමුවී ඇත. පසුව තවදුරටත් සෙවිමේ දී මීටර් 800 ක දුරින් මිනිස් හිස පාවෙමින් තිබිය දී සොයාගෙන ඇත. සිද්ධිය පිළිබඳව වවලකඩේ පොලිසිය හා අම්පාර ස්ථානීය පරික්ෂණ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.

-ආර්.ශ්‍රිවේල් රාජා-