න්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දියාව සහ නේපාලය අතර වාග් යුද්ධයක් හටගෙන ඇත.ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඉකුත් දිනෙක ප්‍රකාශ කළ අතර ඊට නේපාලයෙන් දැඩි විරෝධයක්
එල්ල විය. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමග බුදුන් වහන්සේගේ උපත සහ උපත් ස්ථානය සම්බන්ධයෙන් මෙලෙස ඉන්දියාව සහ නේපාලය අතර වචන හරඹයක් නිර්මාණය වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ඊට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.

"ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් කවුද ? මම නම් කියන්නේ ගෞතම බුදුන් වහන්සේ. අනෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා මහත්මා ගාන්ධි" යැයි පසුගිය සෙනසුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය. එම ප්‍රකාශයත් සමග නේපාලය කෝපයට පත්වූ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන් පසු දිනම නිවේදනයක් නිකුත් කළේය. "ගෞතම බුදුන් වහන්සේගේ උපත ලැබුවේ නේපාලයේ , ලුම්බිණියේ. එය ඉතා හොඳින් ස්ථාපිත සහ ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්. එය ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇතිව තහවුරු කරන ලද කරුණක්. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේස්මගේ උපන් ස්ථානය 'යුනෙස්කෝ' ලෝක උරුමයක්" නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඊට පිළිතුරු දෙමින් ගෞතම බුදුන් වහන්සේ උපත ලැබුවේ, නේපාලයේ ලුම්බිණියේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාතයාංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. "බුදු දහම නේපාලයෙත් ලොව අනෙක්  ප්‍රදේශවලට පැතිර ගියා. ඒක සත්‍යයක්. එම කරුණ ගැන විවාදයක් හෝ මතභේදයක් නැහැ. ඒ ගැන විවාදයක් ඇති වෙන්න බැහැ. සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන හොඳින් දන්නවා" යැයි නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්විණි. “විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අපගේ බෙදාහදාගත් බෞද්ධ උරුමය ගැනයි.  ගෞතම බුදුන් වහන්සේ උපත ලැබුවේ නේපාලයේ, ලුම්බිණියේ. ඒ ගැන විවාදයක්  නැහැ" ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන්,  ඉන්දියාව සමඟ සමීප සබදතා පවත්වන නේපාලයේ කොංග්‍රස් පක්ෂය ද කනස්සල්ලට පත්ව ඇත. හිටපු අග්‍රාමාත්‍ය, නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මාධව් කුමාර් ද, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කර තිබිණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී නේපාලයේ සංචාරයක නිරත විය. ‘‘ලෝක සාමයේ ධර්ම දූතයා වන ගෞතම බුදුන් උපත ලැබුවේ ද, නේපාලයේ යැයි එහිදි නේපාල පාර්ලිමේන්තුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය. නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනය මගින් එම ප්‍රකාශය‍ෙ ද සිහිපත් කර තිබිණි.