------
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු නම් අතරට එක්වූ එක් අලුත් නමක් කෙරෙහි අවධානය යොමුව තිබේ. ඒ නම රංගන ශිල්පිණියකද වන ඩයනා ගමගේ මහත්මියගේය. ඇය සජිත් ප්‍රේමදාසට අලුතින් පක්ෂයක් හදන්න පක්ෂයේ නම ලබාදුන් තැනැත්තිය බව කියැවුණි. එම ගිවිසුම නිසා ඇයට ජාතික ලැයිස්තු ආසනයක්ද හිමිවී ඇති බවට
වාර්තා පළවිණි. පහත පළවන්නේ ඇය ගැන වැඩි විස්තර කියැවෙන සම්මුඛ සාකච්ඡාවකි.
අපිට මේ නම ඇහෙන්නේ ටිකක් හුරුපුරුදු විදියට නෙමෙයි නුපුරුදු විදියට. කව්ද ඩයනා ගමගේ කියන්නේ?
ඩයනා ගමගේ කියන්නේ ඇත්තටම සෑහෙන කාලයක් ඉඳලා දේශපාලනය තුලත් හිටපු කලාවටත් සම්බන්ධ වෙලා හිටපු සමාජ සේවා වැඩකටයුතු හුඟක් කරන,රහසිගතව කරන බොහොම වැඩ කරන කෙනෙක්.
රහසිගතව වැඩ කරන්නේ අප්‍රසිද්ධියේ වැඩ කරාම ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?
මම ඒ වගේ දේවල් කරන්නේ ප්‍රසිද්ධිය හිතාගෙන නෙමෙයි.මොකද ප්‍රසිද්ධිය ඕන්නම් රගපෑම කරන්න පුළුවන් ඔය වෙන වෙන දේවල් කරන්නත් පුළුවන්නේ.නමුත් සමාජ සේවය මම කරන්නේ මේ රටේ ඇත්තටම ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු ඒ අයට උදව් කරන්න ඕන නිසයි.මං සංවේදි චරිතයක්.
දැන් ඩයනා ගමගේ කිව්වාම ඩයනා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නමක් .මොකක්ද ඩයනා කියන්නේ?
ඩයනාගේ ආරම්භය කොහෙද,ඉපදෙන්නේ කොහෙද,ආ ගිය තොරතුරු ටිකක් දැනගන්න කැමැතියි.?
ඔව් ඇත්තටම මම ඉපදෙන්නේ ලංකාවේ.මගේ අම්මා බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවක්.මගේ තාත්තා හොඳ ගොවිගම සිංහල මාතර කැකරදුර ඉපදීලා, අතීතෙ කොළඹට ඇවිත් කෝට්ටේ තමයි මගේ ගම.මෙහෙට එනවා පුංචි කාලේම මගේ ආච්චි අම්මලා සීයලා මගේ අම්මත් බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවක් වුනත් ඉපදුනේ මේ රටේ,ලංකාවේ එයාගේ අම්මා මගේ සීයා දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාව බාරව හිටපු උසස් නිලධාරියෙක්.
ඔබ අධ්‍යාපන කටයුතු කරන්නේ බ්‍රිතාන්‍යයෙද ලංකාවේද?
ලංකාවේ මං අධ්‍යාපනය කරනවා මං යනවා සමුද්‍රෙද්වි බාලිකා විද්‍යාලයට.පුංචිකාලේ මං ගියා ආගමේ ඉස්කෝලෙකට ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් මං ඉහලින්ම පාස් වෙලා ඉස්කෝල 3කට දැම්මා මාව ඒ කියන්නේ නම් 3ක් දුන්නා අනුලා,විශාකා,සමුද්‍රදේවි එතකොට මගේ ආච්චි ලඟම ඉස්කෝලෙ මොකක්ද කියලා බැලුවා දුරින් ඒ කියන්නේ මේ ඇවිදගෙන යන්න පුළුවන් ළඟම ඉස්කෝලෙ මොකද මං හරි දගයි.පොඩිකාලේ හරිම දඟ චරිතයක් පිරිමි ලමයෙක් විදියටම හැදිලා තියෙන්නේ මම. ඉතිං ළගම ඉස්කෝලෙ බැලුවා අනුලා එක පොඩ්ඩක් එහා තියෙන්නේ විශාකා එකට බස් එකක් අරං යන්න තියෙන්නේ සමුද්‍රදේවි හොඳ ඉස්කෝලයක් බාලිකා ඉස්කෝලයක් ඉතිං මාව එකට දැම්මා.සමුද්‍රදේවි මම ඉගෙන ගෙන අවු.15,16 වයසක් වෙනකොට මං එංගලන්තේ ගියා ඉගෙන ගන්න.
එහෙදි මොනවද හදාරන්නේ?
එහේ මම ඒලෙවල් කලා ඕලෙවල්ස් කරා.Business and Finance Diploma එකක් කරා.කරලා මට හිතුනා නීති විභාගේ මට කරන්න ඕන කියලා.ඊටපසසේ මම එහෙදි University ගිහිල්ලා ඉගෙන ගත්තා Law Degree එකක් ගත්තා අරගෙන පස්සේ කාලෙක මම ලංකාවට ආවා.ඇවිල්ලා ආයෙත් මම බ්‍රිතාන්‍යය යුනිවර්සිටි එකෙන් එම්.බී එකක් කලා.එම්.බී එකක් කරලා ඒකත් ලබා ගත්තා.ඉතිං ඒක තමා මගේ පසුබිම.මගේ අධ්‍යපන පැත්තෙන්
ඔබ නීතිඥවරියක් විදියට නම ඉස්සරහට පාවිච්චි කරන් නැත්තේ ඇයි?
නෑ මම නීතිඥවරියක් විදියට ඉස්සරහට යන් නැත්තේ මම ප්‍රැක්ටිස් කරන් නෑ.තීතිඥවරියක් නම් ප්‍රැක්ටිස් කරන්න ඕන ඒ කියන්නේ දිව්රුම් දීලා.එතකොට මට ඒක වුවමනාවක් තිබ්බනම් ලංකාවට ආපු වෙලාවේ මෙහෙ නීති විද්‍යාලයෙන් තව අවුරුද්දක් විතර යන්න ඕන.ගිහිල්ලා දිව්රුම් දීලා ප්‍රැක්ටිස් කරන්න තිබ්බා.නීතිවේදිනියක් විදියට යනවා මම ඒ විභාගේ පාස් වෙලා තියෙන හින්දා.නමුත් මම කවදාවත් හිතුවෙ නෑ මම ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා මේ උසාවියේ හිටගෙන මම රෙඩිකල් හරිම.මං කැමැති නෑ වැරදි කරුවෙක් නිවැරදි කරුවෙක් කරන්න ජීවිතේටවත්.
ඔබතුමිය රංඟනයෙන් දායකත්වය දැක් වූ ටෙලි නාට්‍යයක කැමැතිම චරිතයක් දෙබසක් කියන්න කිව්වොත්?
මම කැමැතිම ටෙලි නාට්‍යනම් මේ ලගදි කරපු පැණි කුරුල්ලෝ.ඒකේ මං රඟපානවා අමාත්‍යාංශ ලේකම්තුමියක් හැටියට.හරිම එඩිතර හොඳ රාජ්‍ය නිලධාරිනියක් හැටියට රගපානවා ඒකෙ මම දූෂිත ඇමතිතුමෙකුට විරුද්ධව.මම ඒ චරිතෙට හරිම කැමතියි මොකද ඇත්තටම මම මට ඇගෙන්ම එන එකක් ඒක.මම කොහොමත් ඒ වගේ දේවල් වලට විරුද්ධ කෙනෙක්.ඉතිං මං ඒ චරිතෙට ගොඩාක්ම කැමැතියි මට දැන් දෙබසක් තමා මතක් වෙන් නැත්තේ ඒ වෙලාවේ තමා දෙබස් බලන්නේ.ඉතිං ඒ නිසා ඒක මට පාඩමින් වගේ නැහැ.
ඔබතුමියට ඒ ටෙලිනාට්‍යයේ අමාත්‍යාංශ ලේකම්වරිය ඇමතිවරයෙක් එක්ක කටයුතු කරන්නේ සුන්දර අත්දැකීමක් තියෙනවාද?
සුන්දර අත්දැකීමක් තියෙනවා ඒකෙ ලේකම්වරියක් විදියට වැඩ කරනවා කියන්නේ හොඳ රාජ්‍ය නිලධාරිනියක් විදිහට ඒ ඇමතිතුමාගේ දූෂණයට විරුද්ධව වැඩ කරන්නේ.ඒකේ එක තැනක් තියෙනවා ඒ ඇමතිතුමා මාත් එක්ත කොච්චර තරහද කියනවානම් වෙන කෙනෙක්ලව්වා ගෑනුකෙනෙක්ලව්වා Underworld වගේ ඉන්න ගෑනු කෙනෙක්ලව්වා මට වහත් දෙනවා එක තැනකදි.වහ දීලා මං මැරෙයි කියලා බලාපොරොත්තුවෙනවා.
ඒ දෙබස අපි මතක් කරොත් එහෙම?
මං ඇමතිතුමාට කියන්නේ ඔව් ඇමතිතුමා මං හොඳින් හැබැයි ඇමතිතුමාට ඕන වුනේ මාව අඩි 6ක් පොළව යටට යවන්නනේ.ඒකනම් ලේසිවෙන් නෑ ඇමතිතුමා.එහෙම කියලා...
ඇමතිතුමා කරගෙන ගිය දූෂණවලට එරෙහි වුන අවස්ථාවක් අපි මතක් කරොත් එහෙම?
එතනදි මං ඇමතිතුමාට කියනවා මම ලෑස්ති නෑ ඇමතිතුමා මේ රටේ මහජන මුදල් මේ විදියට නාස්ති වෙනවා දකින්න අනවශ්‍ය ව්‍යාපෘතිවලට.මේ ව්‍යාපෘතිය හරියටම බලලා පරීක්ෂණයක් පවත්වලා තමයි මං කරන දෙයක් කරන්නේ.එහෙම කියනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුනාට පස්සේ දැන් තියෙන ප්‍රශ්ණය තමා ද්විත්ව පුරවැසිභාවය.ඔබ ද්විත්ව පුරවැසියෙක්ද?
නෑ මං එහෙම කෙනෙක් නෙමෙයි.මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්.
දැන් නිළියක් වුනා කිව්වා.දැන් ඔබේ නමට ඉස්සරහින් ජනප්‍රිය නිලි ඩයනා ගමගේ කියනවට කැමැතිද?
නෑ මං නිළියක් නෙමෙයි මං රංඟනශිල්පිනියක් නෙමෙයි.නමුත් මම කලාවට හරි ලැදි කෙනෙක්.ආදරය කෙනෙක්.මට ලෙන්ගතුකමක් තියෙනවා කලාව කියලා කලාව සම්බන්ධයෙන්.ආරාධනා ලැබුනා මට එංගලන්තෙදි ඉන්නකොට මට මේ ශ්‍රියානි අමරසේන මහත්මිය ආපු වෙලාවේ ටෙලි ඩ්‍රාමා එකක් කරන්න.මට එයාව මුණ ගැහුණා එහෙදි.ඒ වෙලාවේ ආරාධනා කලා ඇයි ෂයා පොඩ්ඩක් මේකේ රඟපාන්න කැමැති නැද්ද කියලා.මට හිතුනා ඔව් මම ඒක චැලේන්ජ් එකක් විදියට භාර ගන්න ඕන නේද කියලා.මං පළවෙනි පාරටම ඒකෙ රඟපෑවා.හේමන්තේ වසන්තයක් කියලා ටෙලිඩ්‍රාමා එකක්.ඊටපස්සේ එතුමිය ආයෙක් ලන්ඩන් වලට ආවා.මට කිව්වා අනේ මට තව ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා.ඔයාට පුළුවන්ද මේකේ මේන් කැරැක්ට එකක් කරන්න ද්විත්ව.ඊට පස්සේ මං ඒකත් එකඟවෙලා ඒකත් කරා.ඒ විදියට තමා ඔය රඟපෑමට ඇත්තටම ආවේ.ඊටපස්සේ ලංකාවට ආපු වෙලාවේ මම චන්දන හේවා පතිරණගේ සිහින පවුරු කියලා එකේ චරිතයක් කලා.යෙස් බොස් එකේ එක මේකක් කලා.ගොඩාක් ආරාධනා ආවා ලංකාවට ආවට පස්සේ රගපාන්න චිත්‍රපටවල ටෙලිනාට්‍යය වල මම හිතුවා මට ඒ අංශයට වැඩිය මේ රට වෙනුවෙන් ඇත්තටම විශාල තව සේවයක් කරන්න පුළුවන් කියලා ලබපු අත්දැකීම් පිටරටවල්වල හැම රටකටම වගේ ගිහින් තියෙනවා.ඒ ලබපු අත්දැකීම් අධ්‍යාපනයත් එක්ක මට හිතුනා මට මේ රට වෙනුවෙන් ඊට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මොකද ඒකට කලා කරුවො ගොඩාක් මේ රටේ ඉන්නවනේ රඟ පාන්න. මං ඒ වගේ ඉන්නවා.
දැන් කලාකරුවො කිව්වම මුලින්ම මතක් වෙන දෙයක් තමා කලාකරුවනලේ භූමිකාව ටිකක් රගපාලා යන අතරතුරේදි දේශපාලනයට එන්න සුදානම් වෙනවා.දේශපාලනයට ආවට පස්සේ කලාකරුවන් විදියට අපිට සුදුසුකමක් තියෙනවා දේශපාලනය කරන්න කියලා ඔබත් ඒ කොණෙන්ද ඉන්නේ?
නැහැ මම එතන නැහැ.හේතුව අපි හැම කෙනාටම පුළුවන් දේවල් තියෙනවා.බැරි දේවලුත් තියෙනවා ජීවිතේ එතකොට අපි කලා කරඅවෙක් වුන පමණින් අපිට ඒ දේශපාලනයට සුදුසුකමක් වෙන් නෑ දේශපාලනය කියන්නේ වෙනම දෙයක්.කලාව කියන්නේ තව දෙයක්.දේශපාලනයට සමහර කලාකරුවො ඉන්නවා මං පිටරටවල් වල දැකලා තියෙනවා මොකක් හරි අංශයකින් කලාවට සම්බන්ධ අය දේශපාලනයට පිවිසිලා තියෙනවා.වැඩි ඈතක යන්න ඕන නෑ.ඇමරිකා එක්සත් ජනපදයේ මේ ජනාධිපති කෙනෙක් හිටියා නළුවෙක්.ඒ වගේ ඒ තැන් වලට යන්න බැරි කමක් නෑ.නමුත් අපිට මේ දේශපාලනය තුල තියෙන්න ඕන යම්කිසි දැනුමක්.ජනප්‍රියත්වය විතරක් නෙමෙයි.ඒ දැනුමත් එක්ක එන්න ඕන දෙයක් මේක.දැනුම එක්ක කාවොත් මේක හරි අමාරුයි හැන්ඩ්ල් කරගන්න බෑ.
දැන් ඔබ විශ්වාස කරන විදියට ඔබට දේශපාලනය කරන්න නියම සුදුසුකම් තියෙනවාද?
මට සුදුසුකම් තියෙනවා කියලා මං විශ්වාස කරන්නේ මං එන්න කලින් වුනත් මේ ලංකාවේ මම ගොඩාක් සමාජ සේවා කරපුකෙනෙක්.කාන්තා සහ ලමා එකේ වැඩ කරනවා.ප්‍රශ්ණ ගොඩාක් මම හඳුනගෙන තියෙනවා.මේ රට තුල ඉස්සෙල්ලාම මං කලා සර්වේ එකක්.මුළු ලංකාව වටේම.ඇත්තම කිව්වොත් මේ යුද්දේ ඉවරවෙච්ච ගමන්ම මං ගියා යාපනයේ. උතුරු නැගෙනහිර යනකොට ඇත්තටම හිතපු දෙයක් තමා ඇත්තටම හරිම දුකයි ඒ දරුවො දැක්කම ඒ කාන්තාවො විදලා තියෙන දුක් ඇත්තටම. පෙනේර වගේ.තැපැල් කාර්යාල ,බැංකු ,ගෙවල් ,රාජ්‍ය සේවය කරන තැන් පෙනේරෙ තියෙන්නේ හිල් හිල් තමා තියෙන්නේ .ඒ තරමට වෙඩි පාරවල් යුද්දේ ඒ තරම.ඒකෙන් බැට කාලා තියෙන තරමක් ඒ මිනිස්සු.ඒ වගේම ඇත්තටම දකුණේ හමුදා අපේ ඉන්න වැන්දඹුවන් විදපු දුක් නැතිවුන ජීවිත.ඒ දේවල් ඔක්කොම මං ගිහිල්ලා හොඳ අධ්‍යනයක් කලා ඇත්තටම.මොකක්ද මේ වෙලා තියෙන්නේ මේ රට තුල මොකක්ද මේ වෙන්නේ මේකට විසදුමක් දෙන්න පුවවන්ස කියලා.හැබැයා දේශපාලනයෙන් විසඳුමක් දෙන්න නෙමෙයි මම හිටියේ.මම හැබැයි දැකපු දෙයක් තමා ගිය හැමතැනම දැකපු හැම දේම දේශපාලනීකරණය වෙලා.ඒ කියන්නේ දේශපාලන හයියක් ඇතුව විතරයි දෙයක් කරන්න පුළුවන්.සාමාන්‍යයෙන් ගිහිල්ලා එහෙම දෙයක් කරන්න බෑ.
දැන් ඔබ කියනවා දේශපාලනය අවශ්‍යයි කාන්තාවන්ට වැඩ කරන්න කියලා නැත්තම් සමාජ සේවාවක් කරන්න කියලා.ඔබට ආර්ථික ශක්තිය තියෙනවානම් ඒ දේවල් අවශ්‍ය නෑ කියලා මං කිව්වොත් එහෙම?
ඔව් මං ආර්ථික ශකතියත් තියෙනවා.ඕනතරම් ජාත්‍යන්තරයෙන් උදව් ගන්නත් පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මට.නමුත් මෙතනදි අපේ ලංකාව හැදිලා තියෙන මේ ක්‍රමය අනුව මේක දේශපාලනීකරණය වෙලානෙ තියෙන්නේ.පොඩි ලමයෙකුට කතා කලත් අද මං වැඩිදුර යන් නෑ මං උදාහරණයක් දෙන්නම් එක්තරා ඉස්කෝලෙකට මට විදුහල්පතිනිය කිවව් ඒ ඉස්කෝලෙට 5වෙනි ශ්‍රේණියට විතරයි ඒ කියන්නේ අවුරුදු 10 ළමයිනේ.ඒක පොඩි ඉස්කෝලයක් ලමයි 170ගාණක්.ඒකෙ විදුහල්පනිය කිව්වා අනේ මේ දරුවන්ට පුළුවන් වෙයිද මොනවහරි කරන්න ලෝක ලමා දිනයට.මං කිව්වා ඔව් කියන්න මට මොනවද කෙරෙන්න ඕන කියලා.ඊටපස්සේ කිව්වා මේ ළමයි හරී දුප්පත් හරියට කන්න බොන්නවත් නැති ලමයි මොකක්හරි කෑම දෙන්න පුළුවන්නම් කියලා.මං කිව්වා හරි මං දෙන්නම් කියලා ඒ ලමයි 170ගානටත් එතන ඉන්න ගුරුතුමිලටත් වැඩ කරන අයටත් මං දවල් කෑම වේලක් ලෑස්ති කරලා ඒ ටික දීලා ඔක්කොම කරාට පස්සේ පොඩි ලමයි මං ලගට ඇවිත් මට කියනවා නැන්දේ ඔයා කොහෙන්ද ඡන්දෙ ඉල්ලන්නේ කියලා ඇහුවා.එතකොට ඡන්දයක් ඇත්තෙත් නෑ.මේ 2015,2016 ඒ වගේ කාලෙක එතකොට ඡන්ද ඔක්කොම ඉවරයි.මං ඇහුවා ඇයි කියලා මේ ඔයා එන්න හොදේ අපි ඡන්දෙ දෙන්නම් කිව්වා මේ පුංචි ලමයි දෙන්නෙක්.මොනවහරි දෙයක් දෙනවා කියන්නේ ඡන්දයක් බලාපොරොත්තුවෙන්ද මේ දරුවෝ ඒ තත්වෙට පත් වෙලාද ?
ඒ කියන්නේ ඩයනා ගමගේ කියන චරිතය දේශපාලනයට එන්න හේතු වුනේ ඒ පුංචි දරුවො දෙන්නා?
නෑ ඊට ඉස්සෙල්ලා මම පළාත් සභා 2014 ඉල්ලලා තිබ්බා .පැරදුනා විපක්ෂේ නිසා අපිට හමුබුනේ සීමිත ප්‍රමාණයයිනේ සීට් පළාත් සභාව තුල .එතකොට මට ඒකට ඇතුල් වෙන්න බැරි වුනා.මට හම්බුනේ ඡන්ද 120000ක් වගේ එතකොට මට ඒ නිසා ඇතුල් වෙන්න බැරි වුනා මං මගේ ගමන නැවතුනේ නෑ එත්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලුවා.2015 ජනාධිපතිවරණයේදි විශාල වැඩ කොටසක් කලා.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනකම් 2010 සරත් ෆොන්සේකා මැතිතුමාට.
හැබැයි මම දකිනවා 2014 පළාත් සභා මැතිවරණයේදී ඔබගේ රුව මුළු කොළඹ පුරාම දකින්න ලැබෙනවා.ඩයනා ගමගේ කිව්වාම අලුත් බලාපොරොත්තුවක් අලුත් කාන්තාවක් කියලා.මිනිස්සු ප්‍රතික්ෂේපකරන්න හේතුව?
මම හිතන් නෑ එහෙම ප්‍රතික්ෂේපකිරීමකුත් නෙමෙයි ඒක ඉතිං එක එක හේතු ඇති මෙයා මේ මුණ දාගෙන දේශපාලනයට එන්න හඳනවා.මොකද මං කිව්වා මං රහසිගතව සමාජ කටයුතු කරන්නේ මං මුහුනුපොතේ දාන් නෑ පත්තරවලට ලියන් නෑ ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙමෙයි.මේ ලඟදි වුනත් මම කොරොන්ටයින් කාලේ අසරණ වෙලා හිටපු මිනිස්සුන්ට මං ඒ කරපු දේවල් කියන් නෑ ඒ මගේ හැටි මං කැමති දේවල් දෙන්න නමුත් ඒක කියන්න අවශ්‍ය නෑ.ඒක මට ලැබෙන දෙයක් දෙයි.මං කරන දෙයින් පුංචි ලමෙක්ගේ හරි මුණේ හිනාවක් එනවානම් ඒක තමා සාර්ථකත්වය කියන්නේ.
දැන් 2020 මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මැතිතුමා බේරුනේ ඔබ නිසා කියලා කිව්වොත් එහෙම?
මට එහෙම කියන්න හේතුවක් මම දන් නෑ ඔබතුමා කතා කරන්නේ පක්ෂයක් ගැනද කියලා.
අපේ ජනබල වේගේ?
අපේ ජාතික පෙරමුණ.මෙහෙමයි සජිත් මහත්මයාව අපි එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කලා.එතුමාව අන්තිම මොහොතෙ දින 33ක් තියාගෙන අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට ඉඩදෙන්න.එතකොට එතුමාට දින 33ක පුංචි කාලයක ඉදිරිපත් වෙලා ලක්ෂ 53ක් කිට්ටු වෙන්න ජනතාවගේ ඡන්දය ගත්තා.මේ රට තුල එතකොට එතුමා මේක දුන්නාට පස්සේ ආයෙත් අගමැති අපේක්ෂකයා විදියට ඔබතුමා ඉදිරිපත්වෙන්න. නමුත් එතුමාටත් ඕන වුනා අගමැති අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න.මේකයි පක්ෂ නායකත්වය එක්කම ඉදිරිපත්වෙලා රටේ නායකත්වය භාරගෙන .රටේ ජනතාව මෙතුමාට කැමැත්ත දීලා ඉවරනේ. එතකොට අවු.23ක් තිස්සේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සක් ජාතික පක්ෂය අගාධයට ගිහින් තියෙන්නේ.හැමදාම අපි පරාදයිනේ.අපිට අදටත් බැරි වුනා මේ රටේ ජනපති කෙනෙක් බිහි කරන්න.අවු.26 එක්සත් ජාතික පක්ෂය මේක තවදුරටත් යනවාද එතකොට ඒ ගොල්ලන් මේ පක්ෂය තුලින් කෘත්‍යාඅධිකාරී මණ්ඩලය තුලින් සංධානයක් හදාගන්න ඉදිරිපත්වෙන්න කියලා නමුත් කකුලෙන් ඇද ඇද තමා එහෙම කරන්නේ.එතකොට අපිත් ගිහිල්ලා කතා කරා මමත් මගේ මහත්මයා මේක දැන් මෙතුමට දීලා අපි ඉදිරියට යං මෙතුටම වගකීමක් තියෙනවා. එහෙමනම් මෙතුමා එක්ක මේ ගමන යමු මෙතන අවුල් ගිහිල්ලා මැතිවරණය අපි ලෑස්ති කළා අපි තීරණය කළා සජිත් මැතිතුමා කතා කරලා කිව්වා අපිට මෙහෙමයි මෙහෙමයි කරන්න ඕන කියලා මොකද කරන්න ඕන අපි දැන් යන්න ඕන මේ ගමන එතුමා ලෑස්ති වෙලා හිටිය පක්ෂ කිහිපයක් එක්ක කතා කරල නමුත්ම ඇත්තටම අපේ පක්ෂ අපේ ජාතික පෙරමුණ කියන්නේ මේ රටේ සෑහෙන කාලයක් තිබ්බ පක්ෂයක්. ඡන්දවලට ඉදිරිපත් කළා ජනාධිපති කෙනෙක් විදියටත් ඉදිරිපත් වෙලා මෙම පක්ෂය නීත්‍යානුකූලව තිබ්බ පක්ෂයක් නිසා අපි කැමති වුණා හරි අපි ඔබතුමාට මේක දෙන්නම් කියලා. රට වෙනුවෙන් කැපවෙලා ඉදිරිපත් වෙලා කරනවා යි නම් ඉතින් මං මහලේකම් හැටියටත් ඉදිරිපත් වෙලා මහාමැතිවරණයට ගියා.
එහෙම පක්ෂය ලබා දෙන කොට ගිවිසුමක් තිබ්බද ඔබට ජයග්‍රහණය කළොත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය හිමි වෙනවා කියලා?
මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයේ වවුනියා ආසන සංවිධායක හැටියට මං ඇත්තටම වවුනියාවෙන් ඉල්ලූවානම් මං දිනනවා මොකද එහි ජනතාව අදටත් මට එහෙට එන්න කිය කියා ඉල්ලනවා මාව
ඇයි ඉල්ලුවේ නැත්තේ?
එක හේතුවක් තමා දැන් අපේ ජාතික පක්ෂය මෙතනදි මහලේකම්තුමා තමා රංජිත් මද්දුමබණ්ඩාර එතුමා මොනරාගල දිස්ත්‍රික්කයේ නායකයා එතුමා මේ පාර ඉල්ලුවෙ නැත්තෙ මේකෙ නායකයා හැටියට විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න මම මේ පක්ෂ උප ලේකම් හැටියට මම වවුනියාවෙන් එතුමා මොණරනරාගලින් ඉල්ලුවම අපි දෙන්න ඉන්නෙ දෙපැත්තක .දෙපැත්තෙන් කිසිම දෙයක් කෙරෙන්නේ නෑ ලේකම් කෙනෙක් හැමදේටම අවශ්‍යයි මැතිවරණ කොමසාරිස් එක්ක සම්බන්ධතා තියාගන්න එහෙට මෙහෙට යන්න ඕන එය ඔක්කොම තිබ්බා ඒ හින්දා ඉදිරිපත් උන් නෑ ඉල්ලන්න ජාතික ලැයිස්තුවෙන් මගේ නම දාලා ඒ වගේ ඉදිරිපත් වෙන්නම් කියලාා කිව්වා කොළඹ ඉඳගෙන විශාල වැඩ කොටසක් කරා අපි.
පරාජය ගැන මොකද හිතන්නේ?
පරාජය කියන්නේ අපි අලුත් පක්ෂයක්නේ .පොහොට්ටුව කියන පක්ෂය ගත්තොත් ඒක බැසිල් මහත්මයා හදලා මාස ගාණකින් 2018 දී මුළු පලාත් පාලන ලංකාවෙම දින්නනේ.මේකත් අලුත් පක්ෂයක් නිසා මිනිසුන්ගේ ඔළුවලට සජිත් මැතිතුමාගේ මේ හැකියාව මිනිස්සු තාම දැකලා නෑ.ඒක භාරදුන් නෑනේ.මිනිහෙක් වැඩකාරයෙක්ද නැද්ද බලන්න.වැඩේ බාර දෙන්න එපැයි.ඉස්සෙල්ලාම ඒ තත්වය තුල මේක පරාජයක් විදියට භාරගන් නෑ.මොකද අපි බලන්න ඕන ලක්ෂ 8ක් විතර ඡන්ද දුන් නෑ මේ රටේ මේ පාර.ඡන්ද 795000ක් විතර ප්‍රතික්ෂේප ඡන්ද.මෙච්චර ඡන්ද ප්‍රතික්ෂේප වුනේ කාගෙද මේ ඡන්ද.අපේ යහපාලන ආණ්ඩුවේ ගියපාර කරපු වැරදි පාක්ෂිකයන්ට දේශපාලනය අප්‍රසන්න කලා.මේ පාක්ෂිකයකුට කිසි වැඩක් වුන් නෑ.පුදුම අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වුනේ .ඇයි මේ දෙපැත්තක යහපාලනයක් හදලා ජනපති එක පැත්තක අගමැති එක පැත්තක ඇමතිවරු තව පැත්තක මේ දේශපාලනය තුල කලකිරීමක්.පහුගිය අවු.5 තිබ්බේ ඒ කලකිරීම තුල පාක්ෂිකයන්ට වෙච්ච ආසාධරණය මේ දේශපාලනය එපා වෙලා තිබ්බේ මේ එක්සත් ජාතික පක්ෂය තුල ඡන්ද වලට ගියෙ නැත්තේ ඔය එක්සත් ජාතික පක්ෂිකයන්ට ඒ මිනිස්සුන්ට එක අතකින් දොස් කියන්න බෑ.අප්‍රසන්න වුනා අපිටත් මේ රටට මොකක්ද වුනේ මේ යහපාලනයෙන් යහපාලන ආණ්ඩුව තුල සිදු වුන දේවල් මාධ්‍යයට ගියෙත් නෑ.ඒවා දාන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.මේක සම්පූර්ණයෙන්ම දෙපැත්තට ඇදිලා පාක්ෂිකයෝ අසරණ වෙලා ඒ මිනිස්සුන්ට කියාගන්නේ නැතුව.ඒ වගේ තත්වයක් තුල මේ පාක්ෂිකයන්ට එපා වුනා ඉතිං ඔවුන් තීරණය කලා ඡන්දය නොදී ඉන්න.
දැන් 225 නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 11ක් සුදුසුකම් ලබා ඉන්නවා ඔබත් ඇතුළුව කාන්තා නියෝජනය ගැන සෑහීමකට පත් වෙනවාද?
නෑ කිසිසේත් නෑ මොකද ලංකාව තුල කාන්තා නියෝජනය අපිට තිබ්බේ 5%.දැන් ඒකත් බැස්සා.ඇත්තටම මං ඉල්ලීමක් කලා.පක්ෂ භේදයකින් තොරව කාන්කාවන්ට ඡන්දය දෙන්න කියලා.මේ රටේ 56% කාන්තාවො.ඒකෙන් 56%ඡන්දය දෙන්නේ කාන්තාවෝ මේ රටේ නායකයෝ බිහි කරන්නේ,ආණ්ඩු බිහි කරන්නේ කාන්තාවෝ.ඒත් කිසිම සාධාරණත්වයක් ඉටු වෙලා නෑ.ඒකයි මං කිව්වේ හැම රටකම ඉස්ලාම් ආගම ගත්තොත් කාන්තාවන් ආවම අමුතු සංස්කෘතියක් තියෙනවානේ.නමුත් සෟදි ආරාබියේ පාකිස්ථානයේ තාන්තා නියෝජිතයක් තියෙනවා.
ඉතිං අපේ රටට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.
කාන්තා නියෝජනය ඕන කිව්වට කාන්තාවකට දේශපාලනය කරන්න සුදුසුකම් ඕන.ඩයනා ගමගේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න කාන්තාව වෙනුවෙන් පෙනී සිටින්න තියෙන සුදුසුකම මොනවද?
පලවෙනිම එක එඩිතර කාන්තාවක් වීම.මං කතා කරන්න බය කෙනෙක් නෙමෙයි.මං කිසිම දේකට බය නෑ.මම සත්‍ය කතා කරන කෙනෙක්.කාන්තාවන්ගේ දුක මේ රටේ කාන්තාවන්ගේ ඇත්තටම දැනෙන දුක මං හොයාගෙන තියෙනවා.මේ කාන්තාවන්ගේ ඇත්ත ප්‍රශ්ණය.මේ රටේ ජීවිතේටවත් කතා නොකරපු පැත්තක් මං දන්නවා.සෞඛ්‍ය මානසික පුරුෂ පාර්ශවයෙන් ප්‍රශ්ණ සියලු දේ ගැන.
1948 ඉඳලා නිදහස දවසේ ඉඳලා පාර්ලිමේන්තු නියෝජනය කරන හැම කාන්තාවක්ම කියන්නේ මේක.
හැබැයි සාමාන්‍ය මිනිස්සු පියුරු බබාලා.පාර්ලිමේන්තු ගිහිල්ලා කාලා එලියට එනවා අපි ගැන කතා කරන් නෑ කියලා.ඔබට ඔය චෝදනාව කලොත්?
ඒකනම් කවදාවත් නෑ.මම මේ රටේ කාන්තාවන් ලමයි ගැන කතා කරනවා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ .අපිට දැන් පාර්ලිමේන්තු ජනපති වෙන පක්ෂයක් වුනත් එනවා රටේ අපේ අගමැති අපේ ජනපති එතකොට එතුමාලා එක්ක සහයෝගයෙන් මේ වැඩ කොටස මං කරනවා.මං කිව්වා වගේ පක්ෂ පාට භේදයකින් තොරව මේ රට තුල කාන්තාව ලමයි වෙනුවෙන් වැඩ කරනවා.ඒක තමා විය යුත්තේ.නියෝජිතයෝ විදියට පත් වෙලා යනවනම් එතනට අපි දේශපාලනය නම් කරන්නේ දේශපාලනය හරියට දේශය පාලනය මහජනතාවගේ අවශ්‍යතාවය.සම්පාදනය කරන තැනක්.කාලා බීලා එලියට බැහැලා එන්න නෙමෙයි.ඒක ඊට වැඩිය විශාල වැඩකොටසක් වෙන තැනැක්.ඒක තේරුම් අරන් එතනට යනවානම් ඒක කරන්න ඕන.මං මේ පාර ජාතික ලැයිස්තුවෙන් යනවානම් ඊලගපාර මහජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්න ඕන.එතකොට මට ඡන්දයක් දෙයිද කව්රුත් මං ගිහින් ලස්සනට හිනා වෙලා බොරුවට හිටියට එහෙම මිනිස්සු මං කියන්නේ දෙන්නත් එපා.
විපක්ෂේ ඉඳලා ඔය කියන කාර්ය කරන්න පුළුවන්ද ආරාධනා කලොත් අනිත් පක්ෂයට?
ඕනෑම දෙයක් කරන්න බෑ කියලා නෑ.ඒක කරන ශ්‍රමය හොයන්නයි ඕන.අපි විපක්ෂයේ අපිට නෑ,බෑ එහෙම දෙයක් නෑ වගේ ඔළුවේ.
ආණ්ඩු පක්ෂයෙන් එන්න කියලා ආරාධනා කලොත්?
නෑ එහෙම වෙන් නෑ.එහෙම දෙයක් කරන්න නෑ අපි මේ ගමන යන්න ඕන.
විනය ගැන ඔබ නිතරම කතා කරනවා විනය ඉගෙනගත්තේ ස්වාමිපුරුෂයාගෙන් ද?
නෑ.මම මේක ඉගෙන ගත්තේ එයාගෙන් නෙමෙයි.එයාත් හොඳ විනය ගරුක හමුදා නිලධාරියෙක් .එයා හරි බුද්ධිමත් මනුස්සයෙක් එයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා මං මගේ ජිවිතේ .හැබැයි මං හැමතැනම සාමාන්‍යයෙන් විනයගරුකව ජීවත් වුනා.මං මගේ තැන දන්නවා.අපේ කාන්තාවෝ හැමතැනම කෑ ගහනවා අපිට සමතැන ඕනි ගගා.නෑ සම තැනක් අවශ්‍ය නෑ.කාන්තාවට නිසි තැනන තියෙන්න ඕනි.ලෝකෙ ඕනෑම තැනක තියෙන්න ඕන කාන්තාවන්ට නිසි තැන.ඒක අර සම තැනට වඩා ඉහලයි.එතැනින් පහලට එන්න ඕන නෑ.කාන්තාව දැනගන්න ඕන කාන්තාවගේ ගරුත්වය රැකගන්න කාන්තාව විනයාකූලව ජීවත් වෙන්න.තමන්ගේ ස්වාමි පුරුෂයාට ඒ විදියට සලකන්න තමන්ගේ කාර්ය භාර්ය මොකක්ද කියලා දැනගන්න අම්මා කියන්නේ කව්ද බිරිඳ කියන්නේ කව්ද ඉටු වෙන්න ඕන මොනවද කාන්තාවක් විදියට සමාජයට ඉටු වෙන්න ඕන මොනවද අන්න ඒ තුල කාන්තාව නිසි තැන ඉන්න මං ඒ තැන ඉන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද තියෙනවා.වාහන බලපත්‍ර පඩිය තියෙනවා ඔබ සුදානම් වෙන්නේ ඒ වරප්‍රසාද භුක්ති විදින්නද?
මං හිතන්නේ ඔයාට වටපිට බැලුවාම පේනවා ඇති මට ඒවා අවශ්‍යද කියලා.මට ඒ කිසිදෙයක් අවශ්‍ය කෙනෛක් නෙමෙයි.මට එහෙම මිල මුදල් මං දන්න එක දෙයක් තියෙනවා 100%ම මම කවදහරි මම හොඳ බෞද්ධයෙක් පන්සල් යන්න ලැදියි.ජීවිතේ මේ මොහොත පමණයි.ඊලගට මොකක් වෙයිද දන් නෑ.ඒ හින්දා මං මේ මොහොත ජිවත් වෙන්න කිසිම දෙයක් ගැන තණ්හාවක් තියෙන කෙනෙක් නෙමෙයි.මට ලැබිලා තියෙන හැමදේම මට ලැබෙන්න ඇත්තේ මං කොහෙහරි පිනක් කරලා හරි ගිය ආත්මේ හරි මේ ආත්මේ හරි ඒකෙන් මං ඔළුව ලොකු කරන් කිසිම දවසක කිසිම කොනක්ට අතපල්ලට දාන කෙනෙක් නෙමෙයි.මට තියෙන හැමදේම මං බෙදෙන කෙනෙක් නෙමෙයි.මට ලැබුනත් එකයි නැතත් එකයි.මට ලැබෙන පඩියක් තියෙනවානම් ඒක අරගෙන මං දෙයක් මං එපා කියන් නෑ.පර්මිට් එක අරගෙන බස් එකක් දාලා දරුවන්ට ඉස්කෝලේ යන්න වව්නියාව මං අතාරින් නෑ.මට පුදුමාකාර දුකක් තියෙන්නේ.ඒ මිනිස්සු ඒ දරුවෝ 10 km බයිසිකල් පැදගෙන ඊලග දවසෙ ඉස්කොලෙ යන් නෑ.කකුල් රිදෙනවා කියලා එක දවසක් යනවා ඊලග දවසේ නෑ.ඇයි බස් එකක් නෑ.මට හිතේ තියෙනවා කවදහරි මේ දරුවන්ට ඉස්කෝලේ යන්න පහසුකම් හඳලා දෙන්න.
ඔබතුමිය ඔය කියන වචන කියන කතා සියල්ල සත්‍යවෙන්න පුළුවන් හැබැයි මිනිස්සු කියන දේ තමයි.හැමෝම කතා කරනවා ඔය ගැන ,ලියනවා ප්‍රාෙයා්ගිකව කරන් නෑ කියලා.ඩයනා ගමගේත් එහෙම ද?
නෑ බලන්නකෝ ඉස්සරහට ප්‍රායෝගිකව කෙරෙන් නැද්ද කියලා.මං මේ කියන කරන්න හිතන් ඉන්න ටිකනම් මාධ්‍යයට දානවා.කියපු දේ මෙන්න මේ කරා කියලා.මං නිකන් කියලා නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි.මං කිව්වොත් කිව්වා.දෙනවා කිව්වොත් දුන්නා දෙන් නෑ කිව්වොත් දෙන් නෑ.ඒ වගේ චරිතයක් හරිදේට හරි වැරදි දේට වැරදි .මං වැරදි දේට හරි කියන් නෑ.
ඔබ ආයේ සිනමාවටත් එනවාද?
සිනමාව කියලා මං ගන් නෑ.හැබැයි දැනටමත් ටෙලි නාටය වගයක් මේවා කරන් තියෙනවා ඉස්සරහට එන්න ඉදිරිපත් වෙලා තියෙනවා.ඉතිං සමහරවිට මගෙ කාලෙත් එක්ක විනෝදාංශය විදියට කරන්න පුළුවන්.මගේ පලවෙනි දේ තමා රටේ ජනතාවට සේවය කිරීම.
ඔබේ අවසන් ඉලක්කය මොකක්ද?
කවදහරි දවසක මේ රටේ මගෙ හඳහන් බලපු අය කියලත් තියෙනවා මං ඉතරි කරගන්න මගේ බෝඩ් වල නම ගහපු ඒවා විතරයි.අනිත් සියලු දේ දන් දෙයි දීලා මේ ලෝකෙන් යන්න කිසිම දෙයක් ගෙනියන් නෑ.අඩුම ගානේ මං හින්දා තව කෙනෙක් සතුටු වෙනවානම් හිනාවෙනවනම් ඒක තමා මගේ ගමන වෙන්නේ.