පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් නායකත්වය ලබාදුන් අපේ ජනබල පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින්, එයට අදාළ නීතිමය තත්වය නිසි ලෙස අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මන්ත්‍රී ධුරය සඳහා කිසිදු තැනැත්තෙකුගේ නම ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.


මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳ අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ. පක්ෂයේ මහලේකම් ලෙස සඳහන් කරමින් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය

සඳහා තමන්ගේම නමයෝජනා කර තිබියදී, පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා විසින් එවන ලද ලිපිය අනුව පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව විමලතිස්ස හිමියන් ඉකුත් 07 වැනිදා සිට ලේකම් ධුරයෙන් ඉවත් කර නිශාන්ත රත්නායක මහතා ලේකම් ලෙස පත් කළ බව දන්වා ඇති බවද දැක්වේ.

එම පක්ෂයේ නව මහලේකම් නිශාන්ත රත්නායක මහතා අත්සන් කළ ලිපියක් මගින් පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා සමන් පෙරේරා මහතා නම් කර තිබේ. ලේකම් ලෙස පෙනී සිටින දෙදෙනෙකු විසින් එකම මන්ත්‍රී ධුරයක් සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බැවින් මෙයට අදාළ නීතිමය තත්වය නිසි ලෙස අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු එම මන්ත්‍රී ධුරය සඳහා කිසිදු තැනැත්තෙකුගේ නමක් ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර නැතැයි දැනුම් දී තිබේ.

(නවෝද්‍යා පවනි)