අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේත්තු මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පත්කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු කතානායක හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතණුවන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කලක් ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය. මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයට තරග කර මනාප 104,729 ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මේ අතර තව පාර්ලිමේන්තුවේ කතානායකධුරය සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කිරීමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 එම තනතුර බාරගැනීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බවද වාර්තා වේ. පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා රැස්වීමට නියමිත අතර, එදිනට නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම හා නියෝජ්‍ය කතානායකධුරය සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නම් යෝජනා කිරීමට නියමිතව ඇත.

(නාලක  සංජීව දහනායක)