මාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකු සහභාගි වූයේ නැත. රාජ්‍ය ඇමැති පදවි ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරුපයට පෙනී නොසිටි තිදෙනා වූයේ
විමලවීර දිසානායක, ලොහාන් රත්වත්තේ හා පියංකර ජයරත්නයි.
මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ඊයේ (12) දිවුරුම් දුන් කැබිනට් ඇමැතිවරු කණ්ඩායම හා රාජ්‍ය ඇමැතිවරු කණ්ඩායම ඒ උත්සවය අවසන්වීමෙන් පසුව
ජනාධිපතිවරයා සමග වෙන වෙනම සමූහ ඡායාරුපවලට පෙනී සිටියහ. මේ සම්බන්ධයෙන් විමලවීර දිසානාංයක මහතා පැවැසුවේ රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව තමා හදිසි
අවස්ථාවක් සඳහා ඒ ස්ථානයෙන් පිටව ගිය බවයි.

 තමා ඒ ප්‍රදේශයේ සිටියත් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් මග හැරුණු බව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න
මහතා කීය. 

විමලවීර දිසානායක මහතා වනජීවී රැකවරණ අලිවැට හා අගල් ඉදි කිරීම ඇතුළු
ආරක්ෂක වැඩපිළිවෙළ, කැලෑ නැවත වගා කිරීම් හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසත් පියංකර ජයරත්න මහතා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසත් ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ.

සුජිත් හේවාජුලිගේ