නව රජයේ අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට සීමා කර ව්‍යාපෘති අමාත්‍යධුර ඇති කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා (10 වැනිදා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද නව අමාත්‍ය මණ්ඩලයේදී ඇමැති ධුරයක් හිමිවීමට නියමිතය. ව්‍යාපෘති අමාත්‍යවරු කැබිනට් නොවන අමාත්‍යවරු බවට පත් වෙති. තරුණ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුටම අමාත්‍ය ධුර හිමිවන බවද රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

සෞඛ්‍ය, වරාය හා අධ්‍යාපන ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශවලට මෙතෙක් නොසිටි නවක අමාත්‍යවරුන් පත්කිරීමට සැලසුම් කර ඇත.

නව පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා රැස්වීමට නියමිත බව ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැබිනට් අමාත්‍යධුර තුනක් ලබාදීමටද තීරණය කර ඇත.

උදයජීව ඒකනායක