රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් "මැන්ඩි" නමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් සමග සැකකරුවකු අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ මාවතේ දී පෙරේදා (15 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව
පොලිස් මාධ්‍ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
“මැන්ඩි" නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොගයක් මෙරටින් සොයා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් ඒවා සාද, රාත්‍රී සමාජ ශාලා සහ සමාජ ජාලා හරහා සංවිධානය කරන සාද සඳහා වැඩි වශයෙන් භාවිත කරන බවට  තොරතුරු ලැබී ඇති බවත් ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.  අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ කළුවඩුමුල්ල විජයාරාම පාරේ පදිංචි තිස්තුන් හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු බෝට්ටු හිමියකු බවත් හෙතෙම කිව්වේය.  ඔහු සතුව ට්‍රෝලර් යාත්‍රා දෙකක් ඇති බව ද පොලිසිය කියයි.

මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට  ලැබුණු තොරතුරක් මත සැකකර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයට ගොස් මේවා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය  පවසයි. පටබැඳිමුල්ල වෙරළ මාවතේ අබිලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයක මෙම මත්ද්‍රව්‍ය සගවා තිබු බවත කිලෝ 1 බැගින් වූ පාසල් 12 ක මේවා අසුරා තිබු බවත් පොලිසිය කියයි. සැකකරු ඔහුගේ ට්‍රෝලර් යාත්‍රා මගින් මුහුදු  සීමාව ඔස්සේ මේවා මෙරටට ගෙන එක්නට ඇති බවට පොලිසිය සැක කරයි. සැකකරු මේවා අලෙවිය සඳහා සූදානමි ඉහත ස්ථානයේ හොර රහසේ ගබඩා කරන්නට ඇති බවට ද  පොලිසිය සැක කරයි. සැකකරු ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව සිටි බවද පොලිසිය පවසයි.
-ඉන්දිකා රාමනායක-