ද උදෑසන ඇති වූ තද සුළං හේතුවෙන් දිවයිනේ ස්ථාන ගණනාවක නිවාස වලට හානි සිදුව ඇත.
 හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවාස 90 කට පමණ හානි සිදුව ඇති බව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තහවුරු කර ඇත.මේ අතර පුත්තලම ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 50 කට
ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
හෝමාගම ග්‍රාම නිලධාරි කොට්ඨාශ 10 ක නිවාස වලට අලාභහානි සිදුවී ඇති අතර

බහුතරයක් පිටිපන ප්‍රදේශයේයැයි හෝමගම ප්‍රාදේශීය ලේකම් තරංග කරුණාසේන මහතා සඳහන් කළේය.
 අද දිනයේද මිලිමීටර 100 ට වැඩි තද වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබුණි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිබල සැපයුමද අඩාල වී තිබේ
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇත්තේ‍ෙ විදුලිය විසන්ධිවී ඇත්තේ රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම,පන්නිපිටිය, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවල බවයි.