කෑගල්ල පිංදෙනිය ප්‍රදේශයේ දී ටී 56 ට යොදන පතුරොම් ගැබ් 10 ක් (මැගසින්) සමග උඩ 44 ක් සමග පිංදෙනිය පොලිස් වසමේ අටාලේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියකු පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව පිංදෙනිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 2001 ජනවාරි පළමුවැනිදා
යුධහමුදාවට බැඳී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කර ඇති බව පොලිසිය කියයි. මෙම සැකකරු රාජකාරි කරන අවස්ථාවේ දී ක්‍රීඩා සංචිතයට බැඳී කරාටේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, සැකකරුගේ වැඩිමල් සහෝදරයා හා බාල සහෝදරයා ද දැනටමත් යුද හමුවේ සේවය කරන බවත් පොලිසිය කියයි. සැකකරු දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රදේශයේ පාතාලයට සම්බන්ධ බව කියන පාතාල නායකුයකු සමග සම්බන්ධකම් පවත්වා ඇති බවත් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් හට පිංදෙනියන්පොලිස් වසමේ ලාහුපන ප්‍රදේශයේ සැකකරුට අයත් අක්කර පහක ඉඩමක රැඳී සිටීමට අවස්ථාව උදාකර දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පරික්ෂණ කටයුතු සිදුකරන බවද පොලිසිය කියයි.සැකකරු ගිනිඅවියක් ළග තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව පිංදෙනිය පොලිසියේ නිලධාරින් පිරිසක් පෙරේදා (11) සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී වහලයේ පීල්ලක සගවා තිබියදී මෙම මැගසින් 10 හා උණ්ඩ 44 සොයා ගත් බව පොලිසිය කියයි. එහිදී සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් මෑගසින් හා ජීව උණ්ඩ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි. සැකකරු වැඩිදුරටත් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) සවස ජෑමදනිය පොලිසිය මගින් භාර දී තිබුණි.

-චමින්ද වැවතැන්න-