හිටපු කතානායක 78 හැවිරිදි විජමු ලොකු බණ්ඩාරයන්ගේ පුත් උදිත් ලොකුබණ්ඩාර මහතා මෙවර මහමැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යටතේය.
අගමැති මහින්ද රාජපක්ෂද සහභාගිවූ
හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයේ

එම ප්‍රචාරණ මැතිවරණ රැස්වීමක් පෙරේදා රාත්‍රී පැවති අතර එහිදී අගමැතිවරයා පැමිණෙන්නට ප්‍රථමයෙන් තම පුත්‍රයා වෙනුවෙන් විජමු කතාවක් පැවැත්වූයේය.

නමුත් ඒ කතාවේ මදක් යද්දී වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් විරෝධය එල්ල වී තිබුණි. පුත්‍රයා ඉටු නොකළ පොරොන්දු ගැන කියමින් පාක්ෂිකයන් හූ කියමින් විරෝධය පළකරන්නට විය.

එය ගණනකට නොගෙන කතාව කරන්නට හැකියාව තිබුණත් හිටපු කතානායකවරයා ඊට ප්‍රතිචාර දැවූ අතර හූ හඬ මධ්‍යයේ අදහස් දක්වමින් ලොකුබණ්ඩාර මහතා ආවේගශීලීව ප්‍රකාශ කළේ කට හැකර නරි රැළ හූ කීවද උතුම් ඡන්දදායකයන්, කළගුණ දත් ජනතාව තම පුත්‍රයාට සහයෝගය දක්වන බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම් භූමියට පැමිණියේ මෙම සිදුවීමෙන් අනතුරුවයි.
අදාල වීඩියෝව පහතින්