ට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සුරුපි කාන්තාවගේ ඡායාරුප පෙන්වා ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු හා ඊට සම්බන්ධ සුරුපි කාන්තාවන් දෙදෙනකු මෝටර් රථයක්ද සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
පොලිස් හදිසි
ඇමතුම් අංශයේ 119 දුරකථන අංකය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්ස පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් දින කිහිපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවලට සැකකරු හා සැකකාරියන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අන්තර් ජාලය ඔස්සේ පළ කළ දැන්වීමක් අනුව විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන ඇමතුම් අනුව එම පුද්ගලයන්ගේ සිතැඟි පරිදි කාන්තාවන් තෝරා ගැනීම සඳහා වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ කාන්තාවගේ ඡායාරූප ඔවුන් වෙත යවමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

කාන්තාව ඇනවුම් කරන පුද්ගලයා වෙත ඔහුට අයත් මෝටර් රථයෙන්ම ගොස් කාතාව ලබාදී මුදල් ලබා ගැනීම මෙම සැකකරු සිදුකර ඇතැයිද ඒ සඳහා රුපියල් පන්දහසේ සිට ඉහළ මිලක් අයකර ඇතැයිද පොලිසිය කියයි.

මෙම ජාවාරම සිදුකරගෙන යාම සඳහාම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රුපියල් පනස් දාහක මාසික කුලී පදනම මත නිවසක්ද ලබාගෙන දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන කාන්තාවන්ට ඉඳුම් හිටුම් ද ලබාදී තිබූ බවත්, ජාවාරම සඳහා සැකකරුගේ බිරිඳද සහාය දක්වා ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

පානදුර පදිංචි සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු, පොලිස් පරීක්ෂක සිරිවර්ධන, සැරයන් පලිහක්කාර මහත්වරු පරීක්ෂණ පවත්වති.

- බිමල් ශ්‍යමන් ජයසිංහ -