වැලිකඩ බන්ධනාගාර රෝහලේ බාබර් පාටියේ යොදවා සිටි සිරකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී
ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිරකරුවා කන්දකාඩු සිට රැගෙනවිත්
තිබූ සිරකරුවන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරකුටියක සිටි අයෙකු
බවත් ඔහු පසුව බන්ධනාගාර රෝහලේ වාට්ටු ගණනාවක බාබර් පාටියේ රාජකාරී සිදුකොට ඇති බවත්
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සිරකරුවාට කොරෝනා වයිරසය වැළදී ඇති බවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් හෙළි
කරගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර
යවා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
(ජයන්ත සමරකෝන්)