ප.ව. 11.30
කන්දකාඩු ආසාදිතයකු ළගින් අසුරු කල 3 දෙනෙක් හමුවීම සමග අද දින වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන - 300ක් බවට පත්විය.එය ලංකාවේ මෙතෙක් දිනක වාර්තාවූ වැඩිම ගණනයි.එකතුව 2454
ප.ව. 9.30
මේ වන විට අද දින වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන - 297කිි එකතුව 2451
වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ඒක් සිරකරුවෙකු ආසාදිත වී ඇත.
එක්සත් අරාබි එම්ර් රාජ්‍ය සිට පැමිණි 3ක් - (නිරෝධායනයට ලක්වෙමින් සිටින)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගීන් 283යි
ඉන්දියාවේ සිට පැමිණි 9යි -( නිරෝධායනයට ලක්වෙමින් සිටින)
පකිස්ථානයේ සිට පැමිණි 1යි - (නිරෝධායනට ලක් වෙමින් සිටින)

ප.ව. 6.00
අද ජුලී 10 ලංකාවේ කොරෝනා ආසාදිත වැඩිම පිරිස හමුවූ දිනය බවට පත්විය.ඒ් අනුව අද දින වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන - 283කි. (තවත් ඉහළයාමට ඉඩ ඇත)

කන්දකාඩු රෝගීන් ගණන 339 - එකතුව 2437
අද උදෑසන කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිත 196 ක් හා සවස 87ක් වාර්තාවී ඇත.
ඊයේ සිට මේදක්වා කන්දකාඩු රෝගීන් ගණන 339 කි.