වෛද්‍යවරයෙකු සේ වලාගෙන වතුපිටිවල  මූලික රෝහලේ ගැබිණි වාට්ටුවකට ඇතුල්වූ බව කියන ඉන්දියානු ජාතික සැකකරුවකු අගෝස්තු 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම්. පතිරණ මහතා නියෝග කළේය.  ඉන්දියානු ජාතික මොහොමඩ් මිල්ලත් බදුර්දීන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
වෙද නළාවක්

බෙල් දමාගෙන වෛද්‍යවරයකු සතු ආම්පන්න සහිත බෑගයක් ද රැගෙන වතුපිටිවල මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුල්වී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. මොහු ඉන්දියානු ජාතිකයකු බවත් තිහාරිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවක් සමඟ විවාහවී එම ප්‍රදේශයේ පදිංචිවී සිටී.

හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ රන් භාණ්ඩ හා මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ සොරාගෙන යාම සඳහා වෛද්‍යවරයකු සේ වෙස්වලාගෙන රෝහලට ඇතුල්වී ඇති බවට සැක කෙරෙන හෙයින් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව නිට්ටඹුව පොලිසියේ පොලිස් කොස්තාපල් වසන්ත කුමාර යාපා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය. නැවත කැඳවීම අගෝස්තු 04 වැනිදාට කල් තැබිණ. නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි එහි පොලිස් කොස්තාපල් වසන්ත කුමාර යාපා මහතා පැමිණිල්ල මෙහෙයවීය.

-ආනන්ද .ඉ.ජයකොඩි-