ඉන්දීය නළු සුෂාන්ත් සිං රාජ්පුත් පසුගියදා සිය නිවස්නය තුළ ගෙළ වැළලාගෙන මියයාම විශාල කථාබහක් ඇති කළ සිදුවීමකි. මෙම සිදුවීම නිසා නැගී එන කැපී පෙනන නළුවාගේ දෛවයට සරදම්වූ කාරණා ගැනද විශාල කතාවක් ඇති විය.

සමහරුන් කියා සිටියේ දිගින් දිගටම සිනමා නිර්මාණවලින් ඔහු එළවා දැමීමට ඉන්දියාවේ රජ කරන ඥාති සංග්‍රහ ක්‍රියාදාමය හේතුවී තිබී ඇති බවකි.
මේ අතර නළුවාගේ සමීප මිතුරියක හා කළමනාකාරනිය
මෙම මරණයට දින කිහිපයකට පෙර ගොඩනැගිල්ලකින් වැටී මියයාමෙන් පසු මොහුද ආසන්න දිනක මියයාම ගැනද සැකමුසු කාරණා මතුවිය.
මේ අතර සුෂන්ත් සිංගේ පෙම්වතිය බව පැවසෙන රියා චක්‍රබෝධි සමග සම්බන්ධය මියයන්නට මාස කිහිපයකට පෙර ඔහු අතැර තිබූ නමුත් ඇගේ බලපෑම මෙම දිවිනසාගැන්මට සෘජුව දායකවූ බවට සුෂාන්ත් සිංගේ මව්පියන් විශ්වාස කරන බව පැවසිණි.
අද දින වාර්තාවූයේ සුෂාන්තිගේ පියා ඔහුගේ පෙම්වතිය වන රියා චක්‍රබෝර්දි ට එරෙහිව අදිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වූ බවයි.
පට්නාහි වෙසෙන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පවුලේ අය ඇය සියදිවි නසා ගැනීමට අනුබල දුන් බවට චෝදනා කර ඇති අතර, ඇය ඔහුට මූල්‍යමය වශයෙන් වංචා කළ බවත්, ඔහුට මානසික හිරිහැර කළ බවත් චෝදනා කරයි.
 මුම්බායි මහල් නිවාසයේ සුෂාන්ති මියගොස් දැන්  මාසයක් ගතවී ඇත.