රාජ්‍ය ආයතනවලට දේශීය ආයතනවලින් පමණක් ගෘහභාණ්ඩ මිලදී ගන්නා ලෙස උපදෙස් දී ඇති බව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බව ද ඔහු කීය. ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ බත්තරමුල්ල තලවතුගොඩ ප්‍රදේශයේ ජන හමුවක දී මොරටුව ප්‍රදේශයේ ලීබඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ සිය ගැටලුවලට අවධානය යොමු කිරීමෙන් පසුවය. තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා දෙතැයි ජනතාව මෙහිදී ජනාධිපතිවරයාගෙන් එක හඬින් ඉල්ලා සිටියහ.