ය නමින් හෙදර් වැලන්ටයින්. තවම වයස 24යි. වෘත්තියෙන් හෙදියක්. ඇමෙරිකානු ජාතික හෙදර්, නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් රැකබලා ගන්නා දැඩි සත්කාර ඒකකයක පසුගිය කාලය තුළ සේවය කළා. නමුත් හදිසියේම ඇයට රෝහල්ගත වීමට සිදුවූයේ, අනපේක්ෂිත ලෙස ඇයද වෛරසයට ගොදුරු වූ නිසයි.
"මේ වෛරසය ඔබට වැලදෙණු ඇතැයි කියා ඔබ කිසිවිටෙකත් නොසිතනවා ඇති. නමුත්
මේ නොසිතා ඉන්නට කාලයක් නම් නොවෙයි. එය ඔබ කරා පැමිණිය හැකියි."

ඇයට උණ, කැස්ස සහ පෙණහලුවල යම් වේදනාවක් මුලින් ඇතිවිය. මේ සමඟ ඇය covid - 19 පරීක්ෂාවට යොමුවූ අතර, ඇයගේ සාම්පල මුලින් සෘණ ප්‍රතිඵලයක් පෙන්වීය. නමුත් හූස්ටන්හි එක්සත් අනුස්මරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජෝශප් වරොන් ඇගේ පෙණහලුවල සීටී ස්කෑන් පරීක්ෂණයක් කිරීමට තීරණය කළේය.


තම රෝහල් ඇඳ මත සිටිමින්ම මාර්ගගතව සිය අදහස් දැක්වූ හෙදර් ඇගේ කතාව තවදුරටත් විස්තර කරන්නට වූයේ මෙසේය.

"ඔහු මට කියා සිටියේ, මගේ නරකම අවස්ථාව ගැනයි. මම තව දින කිහිපයක් බලා සිටියා නම් මට වෙන්ටිලේටරයක් ආශ්‍රයෙන් කෘත්‍රිම ශ්වසනය අවශ්‍ය විය හැකිව තිබූ බව ඔහු කියා සිටියා."  මෙය ඇසීමෙන් තමන් කම්පනයට පත්වූ බව පැවසූ ඇය, COVID-19 වෛරසය බැරෑරුම් ලෙස සලකන ලෙස අන් අයගෙන්ද ඉල්ලා සිටියාය.

"ඔබ කොතරම් තරුණ හෝ මහලු වුවත් සෑම සෞඛ්‍ය පූර්ව ආරක්ෂක උපදෙසක්ම පිළිපැදිය යුතුයි. එය ඉතා වැදගත්. ඔබට හුස්ම ගැනීමට නොහැකිව, කෘතිමව උදවු ලබාගැනීමේ අවස්ථාවට පැමිණෙන තෙක් තවදුරටත් බලා නොසිටින්න." ඇය කියා සිටියාය.

"ඔබ කොතරම් සෞඛ්‍ය සම්පන්න වුවත්, ඔබ කෙතරම් තරුණ වුවත්, ඔබ පරෙස්සම් විය යුතුයි. මම කියන්නෙ , ඔබ මෙහි බරපතළකම ඔබේ තරුණකම සමඟ ඇඟට නොගන්නවා වෙන්න පුළුවන්. මේ වෛරසය ඔබට වැලදෙණු ඇතැයි කියා ඔබ කිසි විටෙකත් නොසිතනවා වෙන්න පුළුවන්. නමුත් එසේ නොසිතා කටයුතු කළ බොහෝ දෙනෙකු වෛරසයට ගොදුරුව සිටිනවා. මමත් ඒ අතර කෙනෙක්. ඒ නිසා සෑම පූර්වාරක්ෂාවක්ම පිළිපදින්න. මුඛ ආවරණයක් පලඳින්න. ඔබට විශේෂ අවශ්‍යතාවක් නොමැති නම් පිටතට නොගොස් රැදී සිටින්න. මේ වසංගතයෙන් මිදීමට මේවා ඒතරමටම වැදගත්.” හෙදර් ඉතා කරුණික ආයාචනයක් සියලු දෙනාගෙන් කරයි.

- නරේන් විශ්වජිත් -