ධික වර්ෂාව නිසා ස්වාභාවික හානි රැසක් ගතවූ පැය කිහිපය තුළ වාර්තා වී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් කොළඹ දෙසට පැමි⁣ණෙන මංතීරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ. මේ හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදුව අතර කොටස තාවකාලිකව වසා දැමූ බව
පොලිසිය පවසා ඇති අතර එම කොටසේ ගමන්ගන්නා වාහන ඉමදූව සහ පින්නදූව පිටවීම් දොරටුවලින් ගමන් කරවීමට පියවර ගෙන ඇති බව දන්වා ඇත.
මේ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කට නායයෑමේ අනතුරු අඟවන්නට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇති අතර එයහෙට (20) පෙරවරු 9 තෙක් බලාත්මක වන බවද දන්වා තිබේ.
එම ප්‍රදේශ වන්නේ
*කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
*කලුතර දිස්ත්‍රික්කය - බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
*කෑගල්ල දිස්ත්‍රික්කය - දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
*රත්නපුර දිස්ත්‍රික්කය - කුරුවිට හා ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
*ගාල්ල දිස්ත්‍රික්කය - ඇල්පිටිය, නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටී ඇති අයුරු ඡායාරූප පහතින්

(ඡායාරූප ස්තූතිය -  ප්‍රදීප් සංජීව)