කූට ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ගේ බිරිඳ වන ශෂි වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.


ශෂී විරවංශ අද දිනයේදී අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

 අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇගේ ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීමේ නඩුවට සම්බන්ධව අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙයට හේතු විය.

අද දින ඇගේ නඩුව කැඳවා තිබූ අතර ඇගේ නීතීඥවරයා කියා සිටියේ සිය සේවාදායිකාව අසනීප තත්වයෙන් පසුවන බවයි. එහෙත් ඔහු ඊට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.
මේ සම්බන්ධව වැඩිදුර නඩුවිභාගය ලබන මස 18 දින විභාග කිරීමට නියමිතය.