බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මන්දිරය කඩා දැමීමේ සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වූ කුරුණෑගල
නගරාධිපතිවරයා තමා ආරක්ෂා කරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
තමන් කුරුණෑගල නායක ලෙස සිටින තාක්කල් කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගසකට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත්  ඒ කාලෙ ඉවර බවත් ඔහු සඳහන් කළේය.
කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරනු ලැබීය.