COVID-19 වෛරසයට එරෙහි පූර්වෝපාය පියවරක් ලෙස ලබන මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වන තෙක් දිවයින පුරා පාසල් වසා තබන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇති බව අද (17) පළවූ ඩේලි මිරර් පුවත්පත් වාර්තාවකින් අනාවරණය කර තිබේ.මේ ගැන නිල නිවේදනයක් තවම නිකුත්ව නැත.

කෙසේ වෙතත් අද (17) අධ්‍යාපන අමාත්‍යාංශයේ විධිමත් නිවේදනයක්  ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයිද එම වාර්තාව සඳහන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ කලින් නිවේදනයකට අනුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා  පොකුරක් බවට පරිවර්තනය වීමෙන් පසු ජූලි 13 සිට ජූලි 17 දක්වා පාසල් වසා දැමුණ අතර නැවත ලබන සතියේ පාසල් විවෘත කිරීමට සූදානමක් පැවතුණත් එය සිදු නොකරනු ඇතැයි නව ආරංචි අනුව කියැවේ.
 නව නිර්දේශ අනුව මහ මැතිවරණය අවසන් වන තෙක් අගෝස්තු 5 වනදා දක්වා පාසල් වසා තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.