රටේ වර්තමාන COVID-19 තත්ත්වය හේතුවෙන් විභාග කල්දැමීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් කළ ඉල්ලීම ඉහළ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

නියමිත නීති විද්‍යාල විභාග ජූලි 20 වන සඳුදා සිට අගෝස්තු මැද භාගය දක්වා පැවැත්වීමට නියමිත අතර, කොරොන වයිරස් පැතිරීමත් සමඟ
පිට පළාත්වල සිට පැමිණෙන බොහෝ සිසුන්ගේ අපහසුතාව නිසා මේ ගැන අවධානය යොමු කර තිබුණි.
නීති විද්‍යාලයේ විදුහල්පති ඉන්දිරා සමරසිංහ මාධ්‍ය වෙත කියා සිටියේ තීරණ ගන්නේ නීති අධ්‍යාපන කවුන්සිලය බවත් විභාග කල් දැමීමට කිසිවෙකු ඇයගෙන් ඉල්ලා නොමැති බවත්ය. “මේ වන විට එවැනි තීරණයක් ගෙන නොමැති නමුත් වෙනත් විශ්ව විද්‍යාල වලින් ඔවුන්ගේ නියමිත විභාග කල් දමා තිබේද යන්නත්, සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවසරයක් ලබා ගැනීම සඳහාත් විමසීමට මට නියම කෙරුණා,”  COVID-19 පැතිරීමෙන් පසුව පෞද්ගලික උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන බොහොමයක් ඔවුන්ගේ ලැයිස්තුගත විභාග කල් දමා ඇති තත්වය සැලකුවේ නැතිදැයි ඇයගෙන් විමසීමේදී කියා සිටියේ රජයේ විශ්ව විද්‍යාල නැවත සැලසුම් කර තිබේද යන්න සොයා බැලිය යුතු බවයි.