සහරාන් කල්ලි නායිකා සාරාට ඉන්දියාවට පනින්න උදවු කළැයි බාප්පා අත්අඩංගුවට
සහරාන් කල්ලියේ ප්‍රධානම නායිකාවක වන පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා නමැත්තිය ඉන්දියාවට පැන යෑමට උඳවු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, ඇයගේ බාප්පා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මඩකළපුව කලවංචිකුඩි ප්‍රදේශයේ දී පෙරේදා (13) අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාපාරිකයකු වන සෙල්වකුමාර් දේවකුමාර් නමැති මෙම සැකකරු
කොළඹට රැගෙනවිත් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉන්දියාවට පැන ගොස් ඇතැයි පැවසෙන සහරාන් කල්ලි නායිකාව මීගමුව කටුවාපිටිය දේවස්ථානයට ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී බෝම්බ ප්‍රහාර සිදු කර මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් හත්තූන් නමැත්තාගේ බිරිඳ වන්නීය.
පාස්කු බෝම්බ ප්‍රහාරය අසාර්ථක වුවහොත් දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ද සුදානමක් තිබී ඇති අතර, එම දෙවැනි ප්‍රහාරය මෙහෙයවීම පවරා තිබී ඇත්තේ ද මේ පුලස්තිනී රාජේන්ද්‍රන් නමැත්තියට බව තොරතුරු හෙළි වී ඇත.
කාන්තාවන් කිහිප දෙනකු කුරුණෑගල ප්‍රදේශයේ සාප්පුවකින් සුදු ඇඳුම් තොගයක් මිලදී ගැනීමේ වීඩියෝ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, සුදු ඇඳුම් තෝරත පිරිසේ එම සැකකාර කාන්තාව ද සිටින බව පැවැසේ. සුදු ඇඳුම් මිලදී ගෙන ඇත්තේ ඒ
දෙවැනි ප්‍රහාරය සඳහා යොදා ගැනීමට යැයි ද විමර්ශනවල දී තොරතුරු හෙළි වී ඇත.
පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා ද්‍රවිඩ ජාතික කාන්තාවක වන අතර සහරාන් කල්ලිය විසින් ඇය පසුකාලීනව සිය ආගමට හරවා ගෙන ඇති බව කියති. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම පරීක්ෂණය අරඹා ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කරුණු සොයන ජනාධිපති කොමිෂන් සභාව ලබා දී ඇති තොරතුරක් අනුවය.
මේ අතර, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසුව අක්කරේපත්තුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසක සිදුවූ බෝම්බ පිපිරීමේ තොරතුරු වසන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර පොලිස් උප ගරාජයේ ස්ථානාධිපතිවරයා වූ මොහොමඩ් අබුබකර් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ද පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
(සුජිත් හේවාජූලිගේ,නිමන්ති රණසිංහ හා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)