කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගිය පිරිමි මළ සිරුරක් පෙරේදා (26) කොට්ටාව පොලිසිය මගින් සොයාගනු ලැබීය. 

 එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක පුද්ගලයකු බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා ජීවත්ව සිටි නිවෙසේ තිබියදී මෙම මළ සිරුර දින පහකට පසු සොයාගත් බව පොලිසිය කියයි. පොලීසිය එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂණවලදී මළ සිරුර අධික ලෙස නරක් වී තිබූ බවත් මීට දින පහකට පෙර මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවටත් අනාවරණය වී
ඇත. 

ඒ අනුව මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය පෙරේදා (26) පැවැත්වීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ කොට්ටාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය සෝමරත්න, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක යන මහත්වරු සිදුකෙරුණි.

(හෝමාගම ප්‍රියන්ත ජයලත්)